ලොව ප්‍රථම ලේසර් තාක්ෂණ වෙසක් තොරණ ලංකාවෙන්
වරාය සහ නාවික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය බෞද්ධ සංගමය එක්ව සිව්වැනි වරට සංවිධානය කරන කොළොම්තොට වෙසක් කලාපයට සමගාමීව කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදිකර ඇති ලොව ප්‍රථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මහජන ප්‍රදර්ශනය සඳහා අනිද්දා (10 දා) එනම් වෙසක් පුන්පොහෝ දින විවෘත කෙරෙන බව වරාය හා නාවික අමාත්‍යාංශය පවසයි.
දීපංකර බුදුන්ගෙන් නියත විවරණ ලබාගැනීමේ සිට බුද්ධ පරිනිර්වාණය දක්වා වූ බුද්ධ චරිතයේ අවස්ථා නිරුපණය වන පරිදි ජර්මන් තාක්ෂණය උපයෝගී කරගනිමින් ආචාර්ය ප්‍රභාත් චන්දිම උක්වත්ත මහතා නිර්මාණය කර ඇති මෙම ලේසර් කිරණ තොරණ උස අඩි 60කින් හා පළල අඩි 40කින් යුක්ත වන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම තොරණේ පසුබිම් සංගීතය විමලජීවදොඹවත්ත මහතා විසින්ද, කතාවස්තුව දිමුතු චින්තක මහතා විසින්ද ඉදිරිපත් කරන බවත්,වෙසක් පොහෝදින සවස 07.00ට විවෘත කරන තොරණ 14 වැනිදා දක්වා මහජන ප්‍රදර්ශනයට විවෘතව තබන බවත්, පවසන වරාය හා නාවික අමාත්‍යාංශය කොළොම්තොට වෙසක් කලාපය කොළඹ ගාලුමුවදොර පිටිය සහ වරාය පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් විහිදී පවතින බවත් පවසා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

