ශ්රී ලංකා යුද හමුදාවට සහ පොලීසියට අලි පැටවුන් දෙදෙනෙක් ලබාදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (29දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදු විය.
වයස අවුරුදු තුනහමාරක් වයසැති ‘කණ්ඩුල’ අලි පැටවා ශ්රී ලංකා යුද හමුදාවටත්, වයස අවුරුදු හතරහමාරක් වයසැති ‘අභීත’ අලි පැටවා පොලීසියටත් භාරදෙනු ලැබිණි.
ශ්රී ලංකා යුද හමුදාවේ සහ පොලීසියේ උත්සව කටයුතු සඳහා යොදාගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම අලි පැටවුන් ලබාදීමට පියවර ගෙන ඇත. ජනාධිපතිවරයා අලි පැටවුන් දෙදෙනා භාරදීමට අදාළ සන්නස් පත්ර යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා සහ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා වෙත භාරදුන්නේය.
ඡායාරූප - චන්දන පෙරේරා