තලෙයිමන්නාරම සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන රාත්රී තැපල් දුම්රියට වව්නියාව සෙට්ටිකුලම ප්රදේශයේදී වන අලි සිව් දෙනෙකු වැදීම හේතුවෙන් සිව් දෙනාම මිය ගොස් ඇති බව වව්නියාව වනජීවි නිලධාරිහු පවසති.
ඊයේ (16දා) රාත්රි 11.20 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර දුම්රිය පැමිණෙන අවස්ථාවේදී එක්වරම වන අලි 25 ක පමණ රංචුවක් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදු ව ඇතැයි වාර්තා වෙයි.
දුම්රියේ වන අලින් හත් දෙනෙකු පමණ වැදී ඇති අතර තිදෙනෙකු එකම ස්ථානයකදී මිය ගොස් තිබූ අතර අනෙක් අලියා මීටර් 400 ක් පමණ දුම්රිය මාර්ගයේ ඇදී ගොස් මිය ගොස් තිබුණි.