www.ada.lk
2026 සැප්තැම්බර් මස 16 වන බදාදා
මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් හේතුවෙන් ඉඩම් සහ වන්දි නොලැබීම නිසා නාඋල - කඹරය ගම්මානයෙන් ඉවත් නොවී සිටි පවුල් දෙකකට අයත් පුද්ගලයන් තිදෙනෙකු ජලයෙන් යටවී, සිර වී සිටියදී ඔවුන් මුදාගැනීමේ මෙහෙයුමක් අද(26දා)සිදුකළ බව නාඋල ප්රාදේශීය ලේකම් නිශාන්ත කරුණාතිලක මහතා පැවසීය.
මේ දිනවල ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අඹන්ගඟේ ජල මට්ටම ඉහළගොස්ඊයේ (25දා) දින සිට කඹරව ගම්මානය ජලයෙන් යටවෙමින් පැවැති අතර, ගම්මානයේ පිවිසුම් මාර්ග සියල්ලද ජලයෙන් යටවී තිබිණි.
මේ හේතුව නිසා වන්දි අහිමිවූ පවුල් දෙකක පුද්ගලයන් තිදෙනෙකු සහ ගස් කැපීම සඳහා ගම්මානයේ රැඳී සිටි පුද්ගලයන් අට දෙනෙකු කඹරව ගම්මානයේ සිරවී සිටියහ.
මේ අතර මොරගහකන්ද ජලාශයේ ජල මට්ටමද ඊයේ දිනය වනවිට ඉහළ ගොස් ඇති බව දැකගැනීමට හැකි වූ අතර, මේ වනවිට පදිංචිය අතහැර ගිය ගම්මාන රැසක් ජලයෙන් යටවී ඇති අයුරුද දැකගත හැකිය.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
මන්ත්රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්රී ලාංකිකයා එයි
දියේ ගිලී භික්ෂුන් වහන්සේ නමක් අපවත්වෙති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd