තමන් 2020දී විශ්‍රාම යන බවට මේ වන විට තමන්ගෙන් අසන නමුත් තමන් 2020දී විශ්‍රාම නොයන බවත් කිරිමට බොහෝ දේවල් තිබෙන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයිදින රැළිය මඩකලපුවේදී අමතමින් ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
“බලය ලබාගන්න පුළුවන්. බලය ලබාගන්න සමහර අය නොයෙකුත් දේවල් පෙන්වනවා. බලය ලබා ගැනීමේ සිහින වල ඉන්නවා. උතුරේ වේවා දකුණේ වේවා මේ රටේ තරුණ ජනතාව තුවක්කු අතට නොගන්නා යුගයක් ඇති කළ යුතුයි.
අපි රට වෙනුවෙන් වගකිම් කටයුතු කරන්න ඕන. බලය නැති අයට ඕන දෙයක් කියන්න පුළුවන්. හැමදෙනෙකුටම ආරාධනා කරන්නේ ජාතික සමගිය ඇති කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා.
සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න තිබෙනවා. ඒවා විසඳන්න අපි පසුගිය අවුරුදු තුන හමාරක විශාල කාර්යයක් ඉටුකළා. සෑම දේශපාලඥයෙක්ම අවංක වෙන්න ඕන. බලයට පමණක් ජනතාව රවට්ටන්න හොඳ නෑ.
වැඩපිළිවෙලක් නැතිව බලය ගන්න දගලනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාවට අලුත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. සමහර මගෙන් අහනවා මම 2020දී විශ්‍රාම යනවද කියලා. මේ දවස්වල සමාජවෙබ් අඩවිවල හුඟක් යනවා මම 2020දී විශ්‍රාම යනවා කියලා. මම 2020දී විශ්‍රාම යන්නේ නෑ කරන්න ගොඩක් වැඩ තියෙනවා. අපිට අවශ්‍ය අලුත් වැඩපිළිවෙළක්.
සමහර අය සිහන මවනවා 2020දී අලුත් ආණ්ඩු හදන්න. අපේ ආණ්ඩුවෙත් සමහර අය 2020 ගැන කතාකරනවා. ඒ හිටපු අයටයි ඉන්න අයටයි ඔක්කොටම කියනවා අවංක දේශපාලනයක් වෙනුවෙන් සුදුසු අය සමග එකතුවෙන්න කියලා.”