බොදු බලය ඇමති බද්යුදීන්ගේ අමාත්‍යාංශයට යයි
(VIDEO/ PICTURES) සිංහල බෞද්ධකමට නිගාදෙන භික්ෂුවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා විසින් අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ සඟවාගෙන සිටින බව පවසමින් බොදුබල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් කොම්පඤ්ඤවිදීයේ පිහිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සෝදිසි කිරීමකට ලක්කළහ.
මෙම සෝදිසි කිරීම භික්ෂූන් වහන්සේලා සය නමක් විසින් සිදුකරනු ලැබූ අතර, අමාත්‍යාංශයේ පිහිටි නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලය සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිල කාමර පරීක්ෂා කිරීමට අවස්ථාව ලබාදුන්නත් ඇමතිවරයාගේ නිල කාමරය පරීක්ෂා කිරීමට භික්ෂූන් වහන්සේලාට පොලීසිය අවසර ලබාදුන්නේ නැත.
මේ නිසා එම ස්ථානයේ යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර, මේ හේතුවෙන් පොලිස් කැරලි මර්දන ඒකකය සහ ජල බවුසර් දෙකක් අමාත්‍යාංශ පරිශ්‍රයට කැඳවීමටද පොලීසිය කටයුතු කළේය.
ඡායාරූප හා වීඩියේ දර්ශන- ඒශාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
