මේ වන විට පවතින පෙට්රල් අර්බුදයට විරෝධය දක්වමින් වයඹ පළාත් සභා ඒකාබද්ධ විපක්ෂ මන්ත්රීවරු කරත්තයකින් අද (07දා) වයඹ පළාත් සභාවට පැමිණියේය. ඒ පළාත් සභා සැසිවාරයට එක්වීම සඳහායි. 'තෙලුත් ඉවරයි - රටත් ඉවරයි' , 'යහපාලන සහකරුවෝ - රට වනසන අම්බරුවෝ' යනාදි වශයෙන් විරෝධතා පාඨ සඳහන් පුවරුද ඔවුහු පළාත් සභාවට රැගෙන ආහ.