පියෙකුගේ සෙනෙහස කඳුළින් ,සුසුමින් හෝ කිරට හැරුණු රුධිරයෙන් දැක ගන්නට නොහැකිය. එහෙත් එය අපමණ යැයි දන්නේ නමින් පමණක් නොව හදවතින්ම තම දරුවන්ට පියෙකු වූවන් පමණය. පසුගිය දිනක අනුරාධපුර නගරයේ දී තම දරුවා කර මත තබාගෙන යන මෙම ආබාධිත පියා දැක ගත හැකි විය. මේ ගමන තරම් සුන්දර ගමනක් මේ දරුවාට තවත් තිබෙනු ඇතිද?
-ඡායාරූප බී.ඒ. චතුරංග