අපවත් වී වදාළ දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මල්දෙණියේ ජිනාලංකාර නා හිමියන්ගේ අදහන පුජෝත්සවය ලබන බදාදා (15දා) සිදු කිරීමට නියමිතය.
රාජ්‍ය අනුග්‍රහය ඇතිව එදින පස්වරු 2. දිඹුලාගල ආරණ්‍ය සේනාසන අදාහන මළුවේදී දේහය පිළිබදව අවසන් කටයුතු සිදු කරන බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස්.සේනානායක මහතා පැවසීය
උන්වහන්සේ රෝගාතුරව සිටියදී ඊයේ (11දා) පෙරවරු 6.30 ට අපවත් වූ අතර උන්වහන්සේ (84) වියෙහි පසු විය.
උන්වහන්සේගේ දේහය මේ වන විට මහජන ජනතාවට ගෞරව කිරීම සදහා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ තැම්පත් කොට ඇත.