(UPDATE) 2016/7/01 9.20 AM
මීගස්තැන්න පාසලට ළමුන් 10 දෙනෙකු ඇතුළත් කර නොගැනීමට විරෝධය දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා ගෙල වැළලාගෙන සියදිවි නසා ගැනීමට ඊයේ උත්සාහ කරනු ලැබීය.
සිද්ධියෙන් පසුව ඔහු රොගීම නාගොඩ රෝහලට ඇතුළත් කර අතර පසුව තත්ත්වය බරපතල වීම නිසා කොළඹ නවලෝක රෝහලට ගෙන එනු ලැබීය.
නියෝජ්‍ය අමාත්‍යවරයාට හදිසි හෘද්‍යාබාධයක් ඇතිවූ බවත් නවලෝක රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු දැඩි සත්තාර ඒකකයට ඇතුළත් කළ බවත් වාර්තාවෙයි. ඔහුගේ තත්තවය තරමක් බරපතල බවද කියැවෙයි.
2016/06/30 1.31 PM
මීගහතැන්න ප්‍රාථමික පාසලට සිසුන් ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් පැවැත් වූ උපවාසය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් අවසන් කළ අතර, සිසුන් දසදෙනා එම පාසලට ඇතුළත් කර ගැනීමද අද (30දා) සිදුවිය.
කෙසේ වෙතත් ළමයින්ව පාසලට ඇතුළත් කර නෙගන්නේ නම් තමන් සිය දිවි හානි කර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය. ඒ අනුව ඔහු බෙල්ලට රෙදි පිටියක් දම එම රෙදි පටිය විදුලි පංකාවක ගැට ගසනු ලැබීය.
පසුව මනත්රීවරයා රෝහල් ගත කර ඇති බවද වාර්තා වෙයි.
ළමයින් 10 දෙනෙකු අසාධාරණ ලෙස මීගකිවුල පාසලට ඇතුළත් කර නොගත් බවත් ඔවුන්ව වහාම එම පාසලට ඇතුළත් කර ගන්නා ලසෙත් සඳහන් කරමින් නියෝජ්‍ය අමාත්‍යවර පසුගිය 27දා විරෝධතාවක් ආරම්භ කළේය. පසුව 28දා එය උපවාසයක් දක්වා වර්ධනය වූ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ සඳහන් කළේ ගැටලුවට විසදුම් නොදෙන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත්වෙන බවයි.
කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍යවරයා අද (30දා) මතුගම නගරයේ සිට මීගහකිවුල පාසලට පාගමනින් ගමන් කළේය.
ඡායාරූපය විරාජ් සුමේධ ට්විටර් ගිණුමෙන් උපුටා ගන්නා ලදී
ප්‍රේමතිලක පෙරමුණ