ජනපති මෛත්රීපාල සිරිසේන මහතා මේ වන විට කොළඹ මහ බැංකුවට පැමිණ තිබේ. වත්මන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතාගේ නිල කාලය හෙට අවසන්වීමට නියමිත අතර ඒ අනුව මහ බැංකු අධිපතිධුරයට නව පුද්ගලයෙකු පත්කිරීමටත් නියමිතය.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාද ඒ අවස්ථාවට එක්විය. ජනපති, අගමැති හා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා මෙන්ම මහ බැංකුවේ ඉහළ නිලධාරින් අතර සාකච්ඡාවක් පැවැති බවද වාර්තාවෙයි.
ගිරාඳුරු කෝට්ටේ අද උදෑසන පවැති උත්සවයකදි ජනපතිවරයා සඳහන් කළේ තවත් දින කිහිපයකින් නව මහ බැංකු අධිපතිවරයා පත්කරන බවයි.
ඡායාරූපය උපුටා ගැනීම වජිර සුමේධ ට්විටර් ගිණුම අනුග්රහයෙනි