www.ada.lk
2026 ඔක්තෝබර් මස 31 වන සෙනසුරාදා
සියදිවි හානිකර ගැනීමේ අදහසින් මාතර, මහානාම පාලම මතින් නිල්වලා ගඟට පැන ඇති එක්දරු මවක යළි ගොඩට පිහිනා විත් දිවි බේරාගැනීමේ පුවතක් අද (16 දා) වාර්තා විය. එසේ ජීවිතය බේරාගැනීමට සමත් වූයේ මොරවක නෙළුව පදිංචි චින්තා සුභාෂිණී මාවතගම (අවු.32) නමැති කාන්තාවකි.
මිනිත්තු 10 ක පමණ කාලයක් ඇය ගං ඉවුර දෙසට පිහිනා විත් මෙසේ දිවි රැකගෙන ඇති අතර, පී.ඩී. ජයසිරි (41) මහතා ගංඉවුරට ගොස් උණ බටයක් දිගු කර ඇයගේ දිවි බේරාගැනීමට උපකාර කර ඇත. පසුව මාතර යුද හමුදා කඳවුරේ සෙබළුන් දෙදෙනෙකුගේ සහයෝගය ඇතිව අදාළ කාන්තාව මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. මාතර මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.
popular news
ඊඩ්ල්වයිස් ගුවන් සේවය ලංකාවට ගුවන් ගමන් අරඹයි
ඇමෙරිකා යුද නැවක් කොළඹ වරායට
දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල 123ක් ධාවනයට සුදුසු නෑ
කන්දෙවිහාරයේ කුමාරිගේ හස්ති පාලකයන් දෙදෙනා අත්අඩංගුවට
ලන්ඩන් යන්න ගිය ශ්රී ලන්කන් ගුවන් යානයේ කුරුල්ලෙක් ගැටෙයි
කන්දෙවිහාරයේ හස්තියාගේ පහරදීමකින් සංචාරක මග පෙන්වන්නෙක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd