සාලාවේ ජනතාව විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් පාරේ දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබේ. සාලාව යුද හමුදා අවි ගබඩාව පිපිරීම හේතුවෙන් තමන්ට ලැබිය යුතු වන්දි මුදල් ලබාදීම ප්රමාද බව කියමින් ඔවුහු මෙම විරෝධතාව පවත්වයි. වාහන හිමියන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය පවසයි.
ඡායාරූප ළහිරු හර්ෂණ