එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී, එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය අද (10දා) නුගේගොඩ 'ජනතා පොළෙහි' චාරිකාවක නිරත විය.
එහිදී අලුත් අවුරුද්ද වෙනුවෙන් භාණ්ඩවල මිල ඉහළයාම සම්බන්ධව කඩ හිමියන්ගෙන් මෙන්ම පාරිභෝගිකයන්ගෙන්ද අදහස් විමසීමක් සිදු කළේය.
එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා ඇතුළු එම පක්ෂ ක්රියාකාරීහු රැසක් සහභාගී වූහ.