(PICTURES) ‘ෆෙමිනා මිස් ඉන්ඩියා 2014’ රූ රැජින තරගාවලියේ අවසන් වටයට තේරුණු ඉන්දීය සුරූපිනියන් විසිදෙනෙක් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් ඉන්දියාවේ සිට අද (11දා) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාවතින් දිවයිනට පැමිණියහ.
ෆෙමිනා මිස් ඉන්ඩියා රූ රැජින තරගාවලියේ අවසන් වටයේ ජයග්‍රාහිකාවන් අනාවරණය කිරීම මෙරටදී සිදුකෙරේ. සිනමන් හොටෙල් ඇන්ඩ් රිසෝට්, ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් සමග එක්ව මාර්තු මස 11-16 දක්වා අවසන් වටයේ සුරූපිනියන් 20 දෙනා සඳහා සත්කාරකත්වය සලසයි.