ඇතාමළ ඇල්ලත් මැරෙයි
මාතර දිස්ත්‍රික්කයේ පිහිටි ඇතාමළ ඇල්ල නිල්වලා ගඟ සතු එකම දිය ඇල්ලයි. නිල්වලා ගඟෙහි ජලයත් සමඟ මීටර 52ක් පහළට ඇද හැලෙන මෙම ඇල්ලට ඇතා මල ඇල්ල යැයි පැවැසෙන්නේ ජල පහරට ගසා ගෙන ගොස් ඇතෙකු මෙම ඇල්ලේදී මැරුණු බවට ජනප්‍රවාදයක් ඇති බැවිනි. නමුත් ඇතා මල ඇල්ල සදහටම ලක් මවගෙන් සමුගන්නා කාලය වැඩි ඈතක නොවේ. ඒ එම ඇල්ලෙන් ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට මෙ වන විට කටයුතු කරමින් තිබෙන හෙයිනි.
මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය පවසන්නේ මධ්‍යම පරිසර අධිකාරියේද අවසරය මත ඇතාමළ ඇල්ල හරහි ඉදිකෙරන පෞද්ගලික ජල විදුලි බලාගාරයේ ඉදිකිරිම් ඉතාමත්ම වෙගයෙන් සිදුවෙන බවයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාරිසරික ඇමතිවරයාද වෙයි. ඇල්ල අවට ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍යයින් ගණනාවක් ජීවත් වෙන බවත් දිය ඇල්ල විනාශවීමත් සමග එම මත්ස්‍යයින්ගේ විනාශය සිදුවෙනු ඇති බවත් වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




