www.ada.lk
2026 අප්‍රේල් මස 17 වන සිකුරාදා
හැටන් පොලිස් වසමට අයත් දික්ඔය ගණදෙවි හින්දු කෝවිලේ සරස්වති දේවියන්ගේ ප්‍රතිමාවට පලඳවා තිබු රන් ආභරණ සහ කෝවිලේ තිබු පඬුරු පෙට්ටිය කිසියම් පිරිසක් විසින් අද (01දා) අලුයම සොරාගෙන ඇති බව හැටන් පොලීසිය කියයි.
නව වසරේ ආශීර්වාද පතා පැවැත්වෙන විශේෂ පූජා නිසා එහි ප්‍රධාන පුජකවරයා විසින් දේව ප්‍රතිමා රන් ආභරණ පලඳවා මල්වලින් සරසා අලුයම 2.00ට පමණ එම කෝවිලේම යාබදව පිහිටි පුජකවරයාගේ නිවසට විවේක ගැනීම සඳහා ගිය අවස්ථාවේ පසුපස දොරෙන් පැමිණි පුද්ගලයෙකු රන් ආභරණ සහ පඬුරු පෙට්ටිය සොරාගෙන යන අයුරු කෝවිලේ සවිකර තිබෙන සී.සී.ටී.වී. කැමරා දර්ශනවල පටිගත වී ඇත.
සිද්ධිය සමිබන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ හැටන් පොලීසිය පරික්ෂණ ආරමිභ කර තිබේ. සොරාගෙන ඇති රන් ආභරන වල වටිනාකම මෙතෙක් තක්සේරු කර නැත.
popular news
2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව
තෙල් මිල පහළට
ලංකාවේ සිටි ඉරාන නාවික හමුදා සාමාජිකයන් විශේෂ ගුවන් යානයකින් රැගෙන යයි
යුරේනියම් බල ගැන්විම වසර 5කට අත්හිටුවීමට ඉරනයෙන් යෝජනාවක්
හෝමූස් හරහා ගමන් කරන නෞකා ඇමෙරිකාව විසින් අවහිර කරනවා
පැය 21ක සාකච්ඡාවකින් පසුවත් ඉරානය හා ඇමෙරිකාව අතර එකඟත්වයක් නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd