යාල වන රක්ෂිතයේ දීර්ඝ කාලිනව පවත්වාගෙන ගිය ගංජා හේනක් යුද හමුදා බුද්ධි අංශය හා බුත්තල විශේෂ කාරය බලකාය සමත්ව තිබේ.
සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටී නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ ශරීරය ස්පර්ශ කිරිමට සහ මුහුන සිපගැනීමට උත්සාහ කල බව කියන සංචාරක මගපෙන්වන්නෙකු සැකපිට ඊයේ (25) අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරට අදාළව වසරේ එක්දින ක්‍රීඩිකාව ලෙස නම්කර තිබේ.
Read Moreහෙට දිනයේදී දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවැටුප් සංශෝධන හා වැටුප් විෂමතා ඉවත් කිරීම, විදුහල්පති දීමනාව රුපියල් 6000.00 සිට රුපියල් 15000.00 දක්වා වැඩි කිරීම, රාජ්‍ය සේවයේ නිලධාරීන්ට ලැබෙන සන්නිවේදන ගමන් වියදම් වාහන නිවාස ඇතුළු ප්රතිලාභ රැසක් සඳහා සහන හා දුෂ්කර පළාත්වල විදුහල්පතිවරුන්ට විශේෂ දීමනාව ලබාදීම මෙම කමිටු නිර්දේශ අතර වේ.
Read Moreබියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපය තුළ රටම ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreනමුත් හිස් වු මන්ත්‍රිධුරය වෙනුවෙන් තමන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත් එහිදි තමන්ට ජනතාව ලබා දුන් ජන්දයට කිසිදු ලෙසකින් අසාධාරණයක් නොවිමට කටයුතු කරන බවයි. තමන් පලමුව මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දී තම පක්ෂ නායකයා වන විමල් විරවංශ මහතා සමග එක්වි ඔහු දරණ මතයට අනුව කටයුතු කිරීමට සුදානම් වන බවයි.
Read Moreදුරුතු පුන් පොහොය උදාවූ අද (25දා) අලුයම් කාලයේදී දොඩම්ගස්ලන්ද උත්තුංගාරාම පුරාණ විහාරස්ථානයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව මදුරාගොඩ පොලීසිය පවසයි.
Read Moreසනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සදහා පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ ජගත් ප්‍රියංකර මහතා සුදුසුකම් ලබා තිබේ. ජගත් ප්‍රියංකර මහතා වෘත්තීයෙන් සමෘද්ධි සංවර්ධන කළමණාකරුවෙකි.
Read Moreවැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් පිරිසක් 24 වෙනිදා රාත්‍රියේ පලාගොස් ඈති බව වැලිකන්ද පොලිසිය කියයි.
Read Moreඉකුත් 24 දින අමාත්‍යංශයේ නිලධාරියෙකුගේ දරුවකුගේ කුරුණෑගල තිබ්බ විවහා මංගල්ල උත්සවයකට සහභාගි වෙලා රාත්‍රී 12 ට පමණ ආරච්චි කට්ටුවේ පැවති තවත් හිතවතුගේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වෙලා එහි විනාඩි දහයක් පහලොවක් වගේ රැදී ඉදලා කෙළඹ නිල නිවසට එන්න පිටත් වුණා. සොයුරා මත් පැන් පානය කරන්නේ නෑ. කොලඹ තමයි සොයුරාගේ පවුලේ අය ඉන්නේ. ඔය එක අතරතුර තමයි අනතුර සිදු වෙලා තිබුණේ. දේහය රාගම රෝහලෙන් රැගෙන ගිහින් මහජන ගෞරවය සදහා 26 දින දහවල් 12 දක්වා බොරැල්ල ජයරත්න
Read Moreතිස්සමහාරාම - කතරගම මාර්ගයේ පුංචි අකුරගොඩ ප්‍ර දේශයේදී බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ 22 හැවැරිදි කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවියළි කාලගුණ තත්වයත් සමග දෛනික විදුලි ඉල්ලුම් මේ වන ගිගාවොට් පැය 45ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, වියළි කාලගුණ තත්වය නිසා ජලවිදුලි නිෂ්පාදනය අඩු වෙමින් තිබෙන බවත් විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
Read Moreමගේ ලොකු දුවගේ ගෙදර හොරු කැඩුවා. ඒ ගෙදර තිබුණු කිරි පැකට් වගේ කන බොන දේවල් ටිකක් ගෙනිහිල්ලා තිබුණා. රත්රන් අශ්වයෝ ඒ ගෙදර මොකුත් තිබුණේ නැහැ. මම කටාර් රාජ්‍යයට ගිය වෙලාවේ රාජ්‍ය නායකයෙකුට දින තෑග්ග හම්බවුණා. ඒක මම පොළොන්නරුවේ කෞතුකාගාරයේ තියලා තියෙනවා. මම ඒ කෞතුකාගාරය හැදුවේ කෝටි සීයක් වැය කරලා. කිසිම ජනාධිපතිවරයෙකු මේ රටේ කෞතුකාගාරයක් හදල නැහැ.
Read Moreඑකතු කරන ලද අගය මත පනවනු ලැබූ බදු අනුපාතය වැට් වැඩි කිරීම නිසා 2023 වර්ෂයේ පළමු මාස 09 තුළ දී එම බද්දෙන් ලැබූ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 505 දක්වා 62.6% කින් ඉහළ ගොස් ඇති බැව් මුදල් අමාත්‍යාංශය විසින් විගණනයට නිකුත් කොට ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන්වේ.
Read Moreපුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් මියගොස් ඇතැයි රාගම රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
Read Moreපොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙන අතර ඒ මහතා අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබේ.
Read Moreරසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යා, ගණිතය, තාක්ෂණවේදය හා විශේෂ භාෂා යන විෂයන් සඳහා ගැසට් නිවේදන නිකුත් කර විභාග පවත්වා පන්දාස් පන්සීයක පමණ ගුරුවරුන් සංඛ්‍යාවක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවාගැනීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
Read Moreයුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ පසුගිය ජනවාරි මස 22 වන දින ඓතිහාසික පිම්මක් පනිමින් පැරෂුට් හමුදා භටයකු ලෙස සිය අභීත බව විදහා දැක්වීය. දෙස් විදෙස් නිලධාරීන් හා සෙබලු කණ්ඩායමක්ද, සමගින් ඔහු එම දක්ෂතාව පෙන්වූයේ පැරෂුට් ඉතිහාසයට නව පරිඡ්චේදයක් ඒක් කරමිනි.
Read Moreතමා මාල කැඩුවා යැයි පොලිස් පොතක පැමිණිල්ලක් පෙන්නුවොත් හෙට පාර්මේන්තුවෙන් ඉවත් වී ගෙදර යන බව පොදු ජනපෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreමාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 46 කින් පාර්ලිමේන්තුවේදී අද (24) සංශෝධන සහිතව සම්මතවිය.
Read Moreඅරුවක්කාලු කසල ව්‍යාපෘතිය වැඩ කටයුතු මාර්තු මස වනවිට අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එහි අවසන් අදියරේ වැඩ කටයුතු කඩිනම් කරන්නැයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreපුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය එම පුද්ගලයාගේ බදු අංකය (TIN) ලෙස භාවිත කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
Read More‘මුහුදු කොල්ලකෑම’ සම්බන්ධයෙන් අධිකරණ ඉතිහාසයේ පවරා ඇති ප්‍රථම නඩුවේ විත්තිකරුවන් 07 දෙනෙකුට මරණ දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විිනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකාරිය සිය`ථ චෝදනා වලින් අද (24) නිදොස් කොට නිදහස් කළේය.
Read Moreපාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 04ක් සඳහා ඊයේ (23) සිය සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
Read Moreබෙලිඅත්ත අධිවේගී පිටවුම අසලදී (22) පුද්ගලයන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතන සිද්ධිය මෙරට සිට මෙහෙයවූ පුද්ගලයා සහ ඒ සඳහා යොදා ගත් වාහනය පොලිස් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreයාපනය මහනුවර ඒ- 09 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය, අලිමංකඩ, උමයාල්පුරම් ප්‍රදේශයේදී ලංගම බස්රථයක් වෑන් රථයක මුහුණට මුහණ ගැටී අද (24) අලුයම සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් අටදෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට කිලිනොච්චිය පොලිසිය පවසයි.
Read More’’මම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනධිපතිකම ගන්න කියලා කීවේ,ඒතුමා අපි ඉහළින්ම ඔසවා තැබුවා. මම හදවතට ඒකගව කියනවා කුහක වෙන්න හොද නෑ අපිට තිබුන දුෂ්කර කාල පරිජ්චේදයකින් ගොඩදැම්මේ ඒතුමා ඉදිරියේදි මැතිවරණයෙන් නායකයෙකු තෝරද්දී කොන්ද පණ තියෙන ශක්තිමත් අභියෝග භාරගන්න පුළුවන් සුරංගනා කතා නොකරන යථාර්තවාදී නායකයෙකු තොරාගත යුතුයි’’
Read Moreවන සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් යළි කෘෂිකර්මාන්තයට සහ සංචාරක ව්‍යාපාරය සඳහා මුදා හැරීම සදහා වන සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන බව ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා පැවසීය.
Read Moreමෙරට කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත මේ වන විට ලබාදී අවසන් කර ඇති බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
Read More