දළඳා වදින්න ගිය රුමේනියානු සංචාරිකාවගේ ඩොලර් 600ක් සොරකම් කරලා
කළුතර ප්රසිද්ධ තරු පන්තියේ හෝටලයක නවාතැන් ගෙන සිටී රුමේනියානු ජාතික කාන්තාවක ගේ රුපියල් දෙලක්ෂ හතලිස් දහසකට ආසන්න මුදලක් සොරකම් කර ඇති බවට ලද පැම්ණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මොනායන් ක්රිස්ටිනා නමැති කාන්තාවක විසින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පැමිණිලිකාර කාන්තාව මෙරටට පැමිණීමේදී ඇමරිකන් ඩොලර් 800 ක් රැගෙනවිත් ඇති බවත් , ඉන් ඩොලර් 600 ක් මාරුකර සේප්පුවේ තබා ඇති බවත් සදහන් වේ.
ඇය මහනුවර දළදා මාළිගාවේ සංචාරයකට ගොස් නැවත පැමිණ වාහන කුලී ගෙවීම සදහා සේප්පුව පරීක්ෂා කිරීමේදී මුදල් සොරකම් කර ඇති බව පැමිණිල්ලේ සටහන්ව ඇතැයි පොලිසිය කීය.
හෝටලයේ ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්රියාකරන බව පොලිසිය කීය.
කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා ගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති .
පානදුර සුමිත් පොතුපිටිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

