රු. කෝටි 25ක අයිස් සමග ව්‍යාපාරිකයෙක් අල්ලයි
රුපියල් කෝටි විසි පහක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තේ කොළ අඩංගු පැකට් තුළ සගවා ගෙන රැගෙන ආ ගුවන් මගියෙකු 10/18 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු 35 හැවිරිදි කොළඹ , දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. ඔහු 10/18 දින රාත්‍රී 11.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙසේ පැමිණි මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරීත මාවත ( Green Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කරමින් සිටිය දී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 179 ක ප්‍රමාණයක් , තේ කොළ අඩංගු පැකට් තුළ සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගෙන තිබුණි.
මෙසේ අත් අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ ගුවන් මගියා , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

