ජනපති කෙන්නියාවට ළඟාවෙයි
කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (13දා) රාති‍්‍රයේ නයිරෝබි හි ජොමො කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.
එහිදී එරට විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස හරසරින් පිළිගන්නා ලදී.
කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස එක් වෙයි.
ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යවරයා ලෙස මෙන්ම පරිසරය සුරැකීම වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගත් නායකයෙකු ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වය සමුළුව තුළ සුවිශේෂි බව කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුනිල් ද සිල්වා මහතා පෙන්වා දෙයි.
ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන් මහතා ඇතුළු රාජ්‍ය තාන්ති්රකයෝ කිහිප දෙනෙකු ද සමුළුවට එක් වෙයි.

popular news
-
Champa Thursday, 14 March 2019 03:49 PM
කීවෙනි රට සවාරියද මේ? සති 50 ක් ඇතුලත ගියපු 45 නැත්නම් 46 වෙනි විදේශ සංචාරය. හැබැයි කියන්නේ නම් නාස්තිය දූෂණය අඩු කරනවලු. මේ ජනාධිපති තරම් රට සවාරි වලට සල්ලි නාස්ති කරපු තවත් ජනාධිපතිවරයෙක් නැහැ. ලංකාව නියෝජනය කරන්න පිටරට තානාපතිවරු ඉන්දද්තිදී රටේ ජනාධිපති යනව බොරු ආරාධනා ගැන කියා කියා. හොඳටම observe කරපු දෙයක් තමයි මෛත්‍රීට ලංකාවේ ඉන්න පුළුවන් මාසයක් නැත්නම් වැඩිම වුනොත් මාස එකහමාරක් විතරයි. ඊට පස්සේ රට සවාරියක් ඕනේ මයි. හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
Reply : 0 0
rocky Thursday, 14 March 2019 06:53 PM
"කල දුටු කල වල ඉහ ගන්!" කීවාලු නේ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

