මොරගහකන්දට පරිසර සංවිධාවලින් චෝදනාවක්
මොරගහකන්ද - කළුගඟ වාරි ව්‍යාපෘතින්හි සංවර්ධන කටයුතු සඳහා ඉවක් බවත් නොමැතිව පරිසරයට හානි සිදුවන බව පරිසර සංවිධාන කියා සිටියි.
මෑතක දී ඉදිවු කළු ගඟ ජලාශයේ ඉහළ කොටස හරහා ඉදිවන රිවස්ටන් මාර්ගය සැකසීමේ දී මෙම පරිසර හානිය වඩාත් උග්‍ර මට්ටමක පවතින බව එම සංවිධාන කියා සිටියි.
ජලාශයේ ජලය පිරිම හේතුවෙන් පැවති පැරණි රිවස්ටන් මාර්ගය යටවීම හේතුවෙන් නව මාර්ගය ඉදිකරමින් පවතියි.
කෙසේ වෙතත් පරිසර සංවිධාන අවධාරණය කරන්නේ මෙම මාර්ගය ඉදිකිරිමේ දී මාර්ග තුනක් සඳහා කැපුම් සිදුකර ඇති බවයි.
මේ වනවිටත් එම ස්ථානයේ වනවිනාශයක් සිදුවී ඇති බව ද ඔවුහු කියා සිටිති.
කළුගඟ ජලාශයට ඉහළින් පිහිටි නව රිවස්ටන් මාර්ගය ඉදිකිරිම හා පරිසර සංවිධාන එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් මොරගහකන්ද , කළුගඟ වාරි ව්‍යාපෘතින්හි ව්‍යාපෘති අධ්යක්ෂ ඩී.බී. විජේරත්න මහතාගෙන් කළ විමසීමකදි ඔහු සඳහන් කර සිටියේ,
“ඕනෑම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වීමේ දී පැවති මාර්ග වෙනුවට ස්ථිර මාර්ග ඉදිකිරිමේ දී තාවකාලික විකල්ප මාර්ග ඉදිකරන බවයි.
එමෙන්ම ස්ථිර මාර්ගයක් ඉදිකරන තෙක් සිදුවන සංවර්ධන ක්‍රියාවලින් අනතුරුව එම ප්‍රදේශ වල නැවත පැළ සිටුවීම සිදුවන බව ද ඔහු කියා සිටියේය.
මේ වන විටත් මොරගහකන්ද වාරි ව්‍යාපෘතින් සඳහා යොදාගත් භූමීවල ලක්ෂ 10කට අධික පැළ ප්‍රමාණයක් සිටුවා ඇති බව ද ව්‍යාපෘති අධ්යක්ෂවරයා කියා සිටියේය.


popular news
-
Sanath Thursday, 14 March 2019 12:13 PM
වැඩිකල් නොගොහින් රට කාන්තාරයක් වේවි
Reply : 0 0
rocky Thursday, 14 March 2019 06:51 PM
මේ ව්‍යාපෘති කරන්නේ දේශපාලුවන් තුල රටට ජනතාවට ඇති ආදරයක් කරුණාවක් නිසා නොවෙයි. කොමිස් ගහන්න. ඒක තමයි දැන් මේ දේශපාලන අම්බරුවන්ගේ විනොදාන්සේ!! පරිසරේට හෙන ගැහුවත් කමක් නැහැ. ඒ හින්දා, රටට ජනතාවට කිසිම පලක් නැති වුනත්, සංවර්දන වියාපුර්ති කිරියාත්මක කොරන්නේ නැතුව කොහොමද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

