වාසුගෙන් අගමැතිට ප්රශ්න 21
අයවැය කාරක සභා විවාදයට එක්වූ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා සිය සම්පූර්ණ වෙලාව තුළදී අග්රාමාත්ය රනිල් වික්රමසිංහට ප්රශ්න 21ක් ඉදිරිපත් කළේය.
මහ බැංකුවේ අධිපති ලෙස අර්ජුන් මහේන්ද්රන් මහතා පත්කිරීම, මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව හා ඔහු යටතේ සිදුවූ ගනුදෙනු කිහිපයක් පිළිබඳව මෙසේ ඔහු ප්රශ්න ඉදිරිපත් කළේය.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඒ සඳහා පිළිතුරු ලබාදෙන බව සඳහන් කළේය.
කෙසේ වෙතත් හිටපු මහ බැංකු අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල් මහතාගේ වාර්තාව පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරන ලෙසට වාසුදේව නානායක්කාර මන්ත්රීවරයා කාරක සභා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර එයට විරෝධය දැක්වූ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේ ඔහුට එරෙහිව පරික්ෂණයක් ක්රියාත්මක හෙයින් එම වාර්තාව හැන්සාඩ් ගත කළ නොහැකි බවයි.

popular news
-
Don Thursday, 14 March 2019 07:23 PM
මෙයා ප්රශ්න අහන එක විතරයි මුළු දේශපාලන ජීවිතේදී කරලා තියෙන්නේ. රටට කරපු ඇති කෙන්ගෙඩියක් නැහැ.
Reply : 0 0
THILAK Thursday, 14 March 2019 09:27 PM
අලෝස්ය්සෙස් දුන්නු සල්ලි ගත්ත මහත්තුරුන්ගේ නම් ටික දැන්වත් දණ්ඩකෝ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

