කාන්තාවක (නාලිකා නිල්මිණී - අවුරුදු 37 - වැලිපිල්ලෑව, දැඩිගමුව) හා ගැහැණු දරුවෙක් (හිරුණු ආශානා - අවුරුදු 7 - හක්මණ, මාතර) ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිහින්තලය ප්‍රධාන පියගැට පෙළ ආසන්නයේ පිහිටි අනවසර වෙළදසැල් කිහිපයක් ආවරණය කිරීමට යොදා තිබූ ඉටිරෙදි ඉවත් කිරීමට ගිය පුරාවිද්‍යා නිලධාරින් පිරිසකගේ රාජකාරියට බාධා කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු රුපියල් ලක්ෂය බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය.
Read Moreමධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉසුර දේවප්‍රිය මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.
Read Moreමහත්මාගාන්ධි තුමාගේ 150 වෙනි ජන්ම දින සංවත්සරය නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක් අද (20) නුවරඑළිය රම්බොඩ ඩන්සිනන් වතුයායේ ඉදි කරන ලද මහත්මාගාන්ධිපුර නව ගම්මානයේදි සිදු කෙරිණ.
Read Moreතමා හෝ තමාගේ පවුලේ හෝ කාර්ය මණ්ඩලයේ කිසිවෙකු තවුහිද් ජමාත් සංවිධාන සමග සම්බන්ධ වී සිටින බවට හැකිනම් ඔප්පු කරන ලෙස බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට අභියෝග කරන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පාර්ලිමෙන්තුවේදී අද (20දා) පැවසීය.
Read Moreහෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ වටිනා ශාක කොටස් ගලවා ඉවත් කිරීම ඇතුළු චෝදනාවන් හතකට වරද පිළිගන්නා ලද පුද්ගලයන් තිදෙනෙකු හට එක් අයෙකුට රුපියල් එක් ලක්ෂ හතලිස් දහස බැගින් රුපියල් හාර ලක්ෂ විසිදහසක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (20) නියෝග කරන ලදි.
Read Moreරුසියාවේ පැවැති 10වැනි අන්තර්ජාතික ආරක්ෂක ගැටලු පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡාවේදී රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් යුරී කෝකෝව් මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය විසින් සැලසුම් කර ඇති බවයි.
Read Moreමත්ද්‍රව්‍ය භාවිතයට හා ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය සෑම වසරකම ජුනි මස 26 වැනි දිනට යෙදී ඇත.
Read Moreඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සිරියාව හා ඉරාකය අහිමිවීම හේතුවෙන් ඔවුන්ගේ අවධානය ඉන්දීය සාගර කලාපය දෙසට යොමුව ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව මේ හේතුවෙන් තර්ජනයකට ලක්ව ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ වාර්තා අනතුරු අඟවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඋතුරු මැද, උතුර සහ වයඹ පළාත් ආශ්‍රිත අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල අබලන්ව ඇති ග්‍රාමීය වැව් 325ක් පිළිසකර කිරීමේ ,වැව් ගම් පුබුදුව, වැඩසටහන කඩිනම් කර අදාළ ප්‍රදේශවල ගොවි ජනතාවට සලසන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreඑංගලන්තයේ හා වේල්සයේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක වන වැඩසටහනක් වන #oneday4children (එක් දිනක් දරුවන් වෙනුවෙන්) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සිය දාකත්වය ලබාදී තිබේ.
Read Moreඩයගම සිට කොළඹ දක්වා තේ වෙන්දේසිය සඳහා තේ කොළ ප්‍රවාහනය කරමින් තිබු කන්ටෙයිනර් රථයක් ප්‍රපාතයකට පෙරළි අනතුරක් සිදු වි ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.
Read Moreඉන්දියාවේ කොයිම්බතොර්හි පන්සල් හා පල්ලිවලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ථ සංවිධානයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකන්තලේ සීනි සමාගමේ අබලි යකඩ හා ගොඩනැගිලි ඉන්දීය ව්‍යාපාරිකයෙකුට ලබාදීම සඳහා රුපියල් කෝටි දෙකක අල්ලසක් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එච්.කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විශේෂ මහාධිකරණය - 01 හි නඩු පැවැරීය.
Read Moreමධ්‍යම කඳුකරයට අද (20) උදැසන ඇඳ හැළුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .
Read Moreරාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා නියමිත වාහන ප්‍රමාණයට වඩා වාහන 24ක් භාවිත කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ’අද’ පුවත්පතට වාර්තා වේ.
Read Moreජූලි පළමුවන දින සිට සිදුවිය යුතු ජාතික බස් ගාස්තු සංශෝධනයේදී රුපියල් 12ක්ව පවතින අවම ගාස්තුව රුපියල් 15ක් කරන ලෙසට රජයට යෝජනා ලබාදුන් බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.
Read Moreබස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් බස්නාහිර වෙරළබඩ ප්‍ර දේශ වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේ දි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පක්ෂයට හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන සහ කිසිවෙකු අසීරුතාවයට පත් නොවන ගෞරවණීය තීන්දුවකට එළැඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreදැනුම්දී මේ වනවිට සති 16ක් ගතව ඇතත්, ඇතැම් රාජ්‍ය ආයතනවලින් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවසීය.
Read Moreවරාය නගර ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී කොල්ලුපිටිය සිට දෙහිවල දක්වා මුහුද හෙක්ටයාර් 160ක් ගොඩකරන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (19දා) පැවසීය.
Read Moreකැබිනට් මණ්ඩලය තුළ කිසිම අසමගිතාවක් නොමැති බවත් කිසිමදාක වෛරයෙන් රටක් ගොඩනැගිය නොහැකි බවත් අමාත්‍ය රවි කරුණනායක මහතා පැවැසීය.
Read Moreආණ්ඩු පක්ෂය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවේ ගැටලුවක් තිබුණු බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (19දා) පැවසීය.
Read Moreඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ඉවහල් වන මාර්ග ඉදි කිරීමේදී සිදුකළ යුතු ප්‍රමුඛතම කාර්යයක් වන පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන් සිදුකළ හැකි මෘදුකාංගයක් නිපදවීම වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවියක වන චතුරංගී එදිරිසූරිය රටවල් ගණනාවක් අතරින් පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නීය.
Read Moreමව්වරුන්ගේ පරීක්ෂණ කොළඹ කාසල් රෝහලේදී හා කොළඹ සොසියා රෝහලේදී සිදුකිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂය සහාය දුන් අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකධුර ලබාදීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreඑංගලන්තයේ මෙට්‍රොපොලිටන් පොලීසියේ නියෝජිතයන් ඇතුළු එංගලන්ත ආරක්ෂක අංශ සාමාජිකය් පිරිසක් මේ සතියේදි දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ එංගලන්ත මහ කොමසාරිස් ජේම්ම් ඩවුරිස් මහතා සඳහන් කරයි.
Read More2012 වසරේ සංගණනය අනුව සිංහල ජනතාවට සාපෙක්ෂව සිංහල ළමා ජනගහණය සියයට 4කින් අඩුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read Moreලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා. නවීන් දිසානායක මහත්තයා ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහතා ඉන්නවා. හැට හුට හමාරක් ඉන්නවා.
Read Moreරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවත්වන ලද මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කීර්තිනාමයට කැළලක් වන අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා එම සංගමය වෙත එන්තරවාසියක් යොමුකිරීමට තීරණය කර ඇති බවත් මාධ්‍ය ඒකකය පවසයි.
Read More