සෞඛ්‍ය ඇමති හා නියෝජ්‍ය ඇමති වාහන 24ක් භාවිත කරලා
රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා නියමිත වාහන ප්‍රමාණයට වඩා වාහන 24ක් භාවිත කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි 'අද' පුවත්පතට වාර්තා වේ.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරයා වෙනුවෙන් වාහන 18ක්, ඇමතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියා වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාහන 02ක්, එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වාහන 11ක් ලබාගෙන ඇති බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අනාවරණය කර ගෙන ඇති බවද වාර්තා වේ.
එසේම මෙම වාහන අවභාවිතාව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කළ බව එම කොට්ඨාසය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට දැනුම්දී ඇති බවද %අද^ පුවත්පතට වැඩිදුරටත් වාර්තා වේ.
එවැනි දැනුම්දීමක් සිදුකර ඇතිද යන්න පිළිබඳ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියගෙන් %අද^ පුවත්පත විමසීමක් කළ අතර, මේ වනතුරු එවැනි දැනුම්දීමත් තමන්ට නොලැබුණු බවත්, දැනුම්දීමක් අමාත්‍යාංශයට කර ඇතිදැයි තමන් නොදන්නා බවත් ඇය පැවසුවාය.
කෙසේ වෙතත් පසුගියදා සිය තනතුරින් ඉවත් වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ෆයිසාල් කාසීම් මහතා විසින් තමන් පරිහරණය කරමින් සිටි වාහන 11ක් එම අමාත්‍යාංශයට භාරදී ඇති බවද වාර්තා වේ.
මේ අතර, ජනාධිපති ලේකම්වරයාගේ රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා, සහායක කාර්යමණ්ඩලය සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වැඩිපුර වාහන 24ක් නිකුත් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විශේෂ විගණනයකදී අනාවරණය වී ඇති අතර, පසුගිය අප්‍රේල් 22 වැනිදා එම වාර්තාව නිකුත් වී ඇත.
2010 මැයි 14 දින ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛයට අනුව අමාත්‍යවරයෙකු වෙනුවෙන් වෙන්කළ හැකි වාහන සංඛ්‍යාව 03ක් බවත්, ඇමතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියා වෙනුවෙන් එක් වාහනයක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අනුමත වාහන සංඛ්‍යාව 03ක් බවත් දක්වා තිබේ.
එසේ වුවද, සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වාහන 18ක් අනුයුක්ත කර ඇති අතර, ඇමැතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියා වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාහන 02ක්ද, නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වාහන 11ක් අනියුක්ත කර ඇති බවට විගණන වාර්තාවේ දැක්වේ.
එමෙන්ම අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයට වැඩිපුර වෙන්කර ඇති වාහනවලට අමතරව 2017 වසරේ පළමු මාස හයේදී අවස්ථා 314කදී අමාත්‍යාංශ සංචිතයේ ඇති වාහන අනියුක්ත කර ඇති බවත්, ඒ සඳහා අවස්ථා 102කදී කිලෝමීටර 56,182ක් සඳහා රුපියල් 795,370ක ඉන්ධන වැය කර තිබූ බවත් අදාළ විගණන විශේෂ විමර්ශන වාර්තාවේ සඳහන් වේ.
මෙම වාහන අවභාවිතාව සම්බන්ධයෙන් දැක්වෙන විගණන වාර්තාව සම්බන්ධයෙන් අදහස් විමසීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් යන මහත්වරුන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

popular news
-
Sanath Thursday, 20 June 2019 11:51 AM
කවුරු ආවත් නාස්තිය දූෂණය නොකඩවා යනවා
Reply : 54 0
Champa Friday, 21 June 2019 05:36 AM
වහාම විමල්ට විරුද්ධව දාපු වාහන නඩුව ඉල්ලා අස්කර ගනිව්!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

