වෙල්ගම දැන් ඉන්න තැන
කණ්ඩායම් රැස්වීමේදි මහින්ද මහත්තයාගේ එහා පැත්තෙන් වාඩිවෙලා ඉන්නේ කවුද නිමල් සිරිපාල ද සිල්වා මහත්තයා ඉස්සර ඉන්නේ කවුද ඩිලාන් පෙරේරා මහත්තයා . දැන් මේ කුමාර වෙල්ගම ටිකක් පිටුපස්සෙන් ඉන්නේ .ඉස්සරහ හිටපු කුමාර වෙල්ගම මහත්තයා දැන් ඉන්නේ පිටුපස්සේ. මේක තමයි ඇත්ත යනුවෙන් පා.ම කුමාර වෙල්ගම මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වියලුව ආසන සංවිධායක නිළමේ වික්‍රම මහතාට අයත් බදුල්ල කයිලගොඩ පිහිටි ගොඩනැගිල්ල විවෘත කිරිමට එක්වු අවස්ථාවේදි මේ බව පැවසීය.
"මහින්ද මහත්තයා අගමැතිකමේ දිවුරුම් දෙන්න හැදුවම මම මහින්ද මහත්තයට ප්‍රසිද්ධියේ කිව්වා ගන්න එපා කියලා. මොකද මං දැන ගෙන හිටියා අපට 113ක් නැහැ කියලා. මං කිව්වා මගේ ඡන්දය දෙන්නම් හැබැයි අපට 113 ක් නැහැ. මේක ගන්න එපා කියල .එතකොට ඒ වෙලාවේ ඇතිවෙච්ච ව්‍යවස්ථාදායක ප්රශ්නය නිසා කොහොමද එක්සත් ජාතික පක්ෂයේ අය ඔක්කොම එක්සත් ජාතික පක්ෂයට එකතු වුණේ.
ඔක්කොම එක්කාසු උනා .බැණ බැණ අපිත් එක්ක හිටපු අය මෙන්න බොලේ යනවා රැස්වීම්වලට කෑගහගෙන බස්වල නැගලා. ඉතින් ඒක නිසා අලුත් මූණක් දැම්මොත් මේ කොච්චර ප්‍රශ්න තිබුණත් හිතන්න එපා එක්සත් ජාතික පක්ෂය කැඩෙයි කියල . කැඩෙන්නේ නැහැ . කැඩෙන්නේ නැතිවෙන්න හේතුව දැන් මලික් සමරවික්‍රම මහත්තයා උනත් මං හිතන්නේ කල්පනා කරල තියෙනවා ඒ දාන එක්කෙනත් එක්ක සම්බන්ධ වෙන්න . මොකද ඒගොල්ලත් දන්නවා ආණ්ඩුව වෙනස් උනොත් ඒ ගොල්ලන්ට පැවැත්මක් නැහැ කියලා
අපට ගැහුව වගේ නෙවෙයි ඒ වගේ ඩබල් ඒගොල්ලන්ට වදිනවා කියල ඒගොල්ල දන්නවා. මොකද මේ ඔක්කොම හොරකම් කරලානේ තියෙන්නේ . මං අර මුලින් කිව්ව වගේ කැබිනට් අමාත්‍යවරයෙක් බවට පත් උනාට පස්සේ හොරකම් කරන්න පුළුවන් . කොමිස් ගහන්න පුළුවන් .
ඒක නැහැ කියල කියන්න බැහැ . ඉතින් මේ ආණ්ඩුවත් ඒක කරල තියෙනවා .
ඉතින් ඒ නිසා ඒගොල්ල කැමති නැහැ අපේ ආණ්ඩුවක් යටතේ දුක් විඳින්න . ඒ නිසා ඒගොල්ල ඔක්කොම කිව්වා වගේ ඒ පැත්තට එකතු වෙනවා .
ඒ නිසා අපි ඔක්කොම ලොකු වගකීමක් ඇතිව අපි හරියාකාරව මේ මැතිවරණයට මුහුණ දෙන්න ඕන" යනුවෙන් ඔහු වැඩිදුරටත් මෙහිදි පැවසීය .
බදුල්ල - පාලිත ආරියවංශ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

