වන්වේ හොරණට එපා
හොරණ නගරයේ මාර්ගවල ක්‍රියාත්මක තනි දිශාවට රථවාහන ධාවනය කිරීමේ නීතිය ඉවත් කරන මෙන් ඉල්ලා හොරණ ව්‍යාපාරික සංගමය සහ හොරණ නගරවාසීන් එක්ව විරෝධතාවක් අද (23) ආරම්භ කර ඇත.
මේ හේතුවෙන් රථ වාහන ධාවනයට දැඩි ලෙස බාධා එල්ලවී ඇති බව වාර්තා වේ.
හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ පවතින මාර්ග තදබදය හේතුවෙන් පොලීසිය විසින් තනි දිශාවට රථවාහන ධාවනය කිරීමේ නීතිය පසුගියදා සිට ආරම්භ කර ඇත.
හොරණ නගරයේ මාර්ගවල ක්‍රියාත්මක තනි දිශාවට රථවාහන ධාවනය කිරීමේ නීතිය ඉවත් කරන මෙන් ඉල්ලා හොරණ ව්‍යාපාරික සංගමය සහ හොරණ නගරවාසීන් එක්ව විරෝධතාවක් අද උදෑසන සිට ආරම්භ කර තිබුණි.
හොරණ නගර මධ්‍යයේ පිරිස විරෝධතාවේ නිරත වී ඇත.
මේ හේතුවෙන් හොරණ සිට පානදුර, ඉංගිරිය සහ මතුගම දක්වා වන මාර්ග මුළුමනින්ම අවහිරවීම හේතුවෙන් වාහන ගමනාගමනයට පැය 3කට ආසන්න කාලයක් දැඩි ලෙස බාධා එල්ල වී ඇත.
එක්සත් ජාතික පක්ෂ හොරණ සංවිධායක හේමන්ත වික්‍රමාරච්චි මහතා පැමිණ පොලිස් ස්ථානාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව පිරිස විසිර ගොස් ඇත.

popular news
-
shan Monday, 24 June 2019 12:07 PM
රටේ මාර්ග නීති හා අනෙකුත් මහජන ආරක්ෂක නීති ක්රියාවේ යොදවන්නේ හා නගරයට අවැසි ආකාරයට රථවාහන හසුරුවන්නට බලය ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියටයි තමන්ගේ පටු වාසිතකා දහසක් දෙනාට දයිනිකව ඇතිවන හිරිහැර හා භාදක ඉවත් කර සාමකාමී මාවතක් නිර්මාණය කල යුත්තේ නගරයේ ව්‍යාපාර පවත්වාගන යන වෙළදුන් හා උන්ට උඩගෙඩි දෙන දේසපාලුවන් නොව අදාල නීතිමය බලයක් ඇති නිලදාරීන් බව හැමෝම හොදින් මතක තබා ගත යුතුය තමන්ගේ කඩයට එන ජනතාව තමන් කරන ව්‍යාපාරය සාදරනවා කරයි නම් කිසි ආකාරයට කිසිවෙකුට නැවතිය නොහැක එම නිසා නිසි අධ්‍යනයකින් මේ කාර්ය කලානම් අදාල අධ්‍යන වාර්තා අනුව මේ නීතිය ක්රියත්මකනම් කිසිවෙකුට ඕනේ විදිහට නීතිය හැල්ලු කිරීමට ඉඩ නොතබන්න මේ සියලු අමන ක්‍රියාවන් සිදුවන්නේ ශ්‍රීලංකාව තුල පමණි මන්ද ජනතාවගෙන් බඩ පුරෝගන්න පහර දේසපාලුවන් ගේ බලපෑම නිසාවෙනි
Reply : 0 1
dilal Monday, 24 June 2019 10:07 PM
වන් වේ හෝ ඩබල් වේ වේවා වාහන තදබදයක් ඇති නොවන විදිහට කටයුතු යොදන්න .වන් වේ කලහම කලින් නොතිබුන වාහන තදබදයක් ඇතිවෙනවානම් වන් වේ ක්‍රමය අසාර්ථකයි.එකෙන් පලක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

