saravita-anim2

2026 මාර්තු මස 02 වන සඳුදා

2026 මාර්තු මස 02 වන සඳුදා

Latest News - timelapse 10397 hours ago

LATEST

ව්‍යාජ ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍ර වලින් ආ ඉරාන ජාතිකයින් දෙදෙනා පිටුවහල් කරයි

calendar_today 2019 අගෝ 23 - 12:40 remove_red_eye - 808  

ව්‍යාජ ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් , ශ්‍රී ලංකාව හරහා ප්‍රංශය වෙත යෑමට උත්සාහ කළ ඉරාන ජාතික තරුණයෙකු සහ තරුණියක් ඊයේ (22) දින සවස අත්අඩංගුවට ගෙන යළි ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි .

හෙරොයින් 5kg . 300g ක් ළඟ තබාගෙන ජාවාරම් කිරිමේ චෝදනාවට වරද පිළිගත් මහාපරිමාණ හොරොයින් ජාවාරම්කරුවෙකු කියන කංජිපානා ඉම්රාන් නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 6ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 625 නෞකාව ඊයේ (22) කොළඹ වරාය පරිශ්‍රයේදි සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රමබාහු’ නමින් අධිකාරියට පත් කෙරිණි.

Read More

දේශ කීර්ති ලංකා පුත්‍ර ගෞරව නාමයෙන් අද (23දා) දින පිදුම් ලබන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා.

Read More

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය දීර්ඝ කර තිබේ.

Read More

පානදුර නගරයේ පරණ බස් නැවතුමපල පිටුපස ප්‍රදේශයේදි අතහැර දැමු පාලු ළිඳක තිබි මෘත ශරිරියක් හමු වි ඇත.

Read More

සිගිරිය පොලිස් වසමේ දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතන ප්‍රදේශයේදි අද (23) උදෑසන 6. 00ට පමණ ත්‍රිකුණාමලය සිට කොළඹ දෙසට ධාවනය වු ලංගම බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක ගැටි බස් රථය පෙරළි අනතුරක් වි ඇත.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තමන් පක්ෂය තුළ කිසිදු ගැටලුවක් ඇති නොවන පරිදි එක්සත්ව ඉදිරියට ගෙන යන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව සන්ධානය ගොඩනැගීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස පක්ෂයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව පැවසීය.

Read More

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ශ්‍රී ලංකා නියෝජිත Robert Juhkam මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

Read More

නූතන ලෝකයට ගැ‍ළපෙන, නව දැනුම සහ කුසලතා සමඟ සංවර්ධනය වන දක්ෂ දරුවන් අධ්යාාපනයෙන් බිහිකිරීමට හැකිවන අයුරින් පාසල් විෂය මාලාව සකස් කිරීම වෙනුවෙන් නිවැරදි පියවර ගන්නා ලෙස අධ්යාිපන අමාත්යන, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

Read More

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරන මෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.

Read More

නීතිපති දෙපාර්තමෙන්තුවේ දෙවැනියා ලෙස සේවය කරන සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විශ්‍රාම ගැනීමේ නියමිත කාලයට පෙර එම ධුරයෙන් විශ්‍රාම යෑමට ඉල්ලීමක් කොට දින කිහිපයක් ඇතුලත එම ඉල්ලීම ඉල්ලා අස්කරගෙන ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

සිලෝන් ටී, සිලෝන් රබර් යන වචනවලට ආදේශ වන වචනය සිලෝන් කලම්බු නොව සිලෝන් ගෝල් බව අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරු වුවත් එක්සත් ජාතික පක්ෂය දෙකඩවිම වැළැක්විය නොහැකි බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කරදිය ජලජිවි පර්යේෂණ මධ්ය ස්ථානය සදහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්යා අමාත්ය දිලිප් වෙදආරච්චි මහතා විසින් අද ( 22 ) මුල්ගල් තබා එහි ඉදිකිරීම් ආරම්භ කළේය .

Read More

ස.තො.ස. සේවකයන් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව සිය දේශපාලන කටයුතු වල යොදා ගැනීමෙන් රජයට රුපියල් කෝටි හතරකට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කොට ඇති ප්‍රතිශෝධන ඇයැදුම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරිමට එම ඇයැදුම ලබන මස 18 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (22) නියම කළේය.

Read More

මුළු රටම අර්බුදයට ලක් කරපු එක්සත් ජාතික පක්ෂය අද අර්බුදයට ලක් වි ඇති බවත් , එය එක්සත් ජාතික පක්ෂයට දිට්ඨධම්මවේදනීය කර්මය පරිසම් දිමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

Read More

වසර හැටකට ආසන්න කාලයක් තුළ කරගත නොහැකිව තිබූ සංවර්ධනය පසුගිය වසර හතරක කාලය තුළ සිදුකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

මේ ආණ්ඩුව රෝසමල් යහනාවක ඉදලා වැඩ කරන ආණ්ඩුවක් නොවන බවත් මේ ආණ්ඩුවේ අගමැතිතුමා ඇතුළු අපි සියලුදෙනාම නොයෙකුත් අභියෝගවලට මුහුණ දුන් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

Read More

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට යවා තිබෙන බව සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (22 ) පැවසීය.

Read More

මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් අනවසරයෙන් මසුන් ඇල්ලු දකුණු ඉන්දීය ධීවරයින් සිවු දෙනෙකු ඊයේ (21) දින නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තමන් වෙතට භාර දුන් බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.ශිවකරන් මහතා පැවසූවේය.

Read More

කුළුබඩුවල ගුණාත්මකභාවය පරීක්ෂා කර තත්ත්ව සහතික නිකුත් කිරීම සඳහා’ මිනි ලැබ්’ නමින් කුඩා විද්‍යාගාර දිවයින පුරා ප්‍රාදේශිය මට්ටමින් පිහිටුවීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Read More

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී , එම නිවෙස් වලින් විවිධ ආකාරයේ හිංසනයන්ට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 60 දෙනෙකු , එරට සිට අද ( 22) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

Read More

තද වැසි හා තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මින්නේරිය කවුඩුල්ල වන පිවිසුම තුළ පුද්ගලයින් දෙදෙනෙකුට අයත් අස්ථි කොටස් වලින් එක් අයෙකු නාවික හමුදාවේ සේවය කල අයෙකු බවත් අද (21) දින එම ස්ථානයෙදි කළ මහේස්ත්‍රාත් පරික්ෂණයෙදි ඥාතින් විසින් හඳුනා ගත් බව මින්නේරිය පොලීසිය පවසයි.

Read More

දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය පුහුණුව ලබන සිසුන්ට පාසල් අධ්‍යාපනය අවසන් කිරීමටත් පෙර ප්‍රධාන පෙළේ විවිධ සමාගම්වලින් රැකියා ලබාදීමට දැනට ම ඉල්ලීම් ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කරගෙන , කොළඹ බලා රැගෙන යෑමට ,වායු සමනය කළ බස් රථයකට ගොඩ වී,එහි අසුන් ගෙන සිටි පිටස්තර පුද්ගලයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (21) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පොදු බස් රථ ගාලේ දී අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

පාස්කු ඉරිදා ත්රරස්ත ප්රීහාරය පිළිබඳ සොයා බලා කරුණු වාර්තා කිරිමේ විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරිමේ කාල සීමාව සැප්තැම්බර් 30 වැනිදා දක්වා දීර්ඝ කිරිමට අද (21) දිනයේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණි.

Read More

23 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අද ( 21) වන බදාදා දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සාම්ප්‍රදායික හමුදා ගෞරවාචාර, ආගමික ආශීර්වාද සහ සුභපැතුම් මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරි ආරම්භ කරන ලදී.

Read More

වෙන්නප්පුව සීනෝර් මංසන්ධියේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇගේ සහෝදරිය වන සුපුණි දුලංජනී ප්‍රනාන්දු ලබන 30වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.