පී625 නෞකාව අධිකාරියට පත් කිරීම ජනපති ප්‍රදානත්වයෙන්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 625 නෞකාව ඊයේ (22) කොළඹ වරාය පරිශ්‍රයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රමබාහු’නමින් අධිකාරියට පත් කෙරිණි.
එම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය ප්‍රධාන අන්‍යාගමික පූජකවරුන්,ආරක්ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්, ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහආණ්ඩු තනාපති, චේන්ග් සූයුවාන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල්ශවේන්ද්ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් සුමංගල ඩයස් යන සම්භාවනීය අමුත්තන් සහභාගී වී සිටියහ.
තවද, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් සහ අධ්‍යක්ෂකවරුන් මෙන්ම නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු නාවික පුද්ගලයින් විශාල පිරිසක් එක් වී සිටියහ.
මෙම නෞකාව පසුගිය ජුනි මස 05 වන දින චිනයේ ෂැංහායි පිහිටි නාවික තථාකාංගණයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
1994 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 112 ක් සහ පළලින් මීටර් 12.4 ක් වන අතර, එහි ධාරිතාවය ටොන් 2300 ක් වේ.
මෙම නෞකාවේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු 110දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි.
කෂිනි හපුආරච්චි
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

