කංජිපානි ඉම්රාන්ට වසර 6ක සිරදඬුවමක්
හෙරොයින් 5kg . 300g ක් ළඟ තබාගෙන ජාවාරම් කිරිමේ චෝදනාවට වරද පිළිගත් මහාපරිමාණ හොරොයින් ජාවාරම්කරුවෙකු කියන කංජිපානා ඉම්රාන් නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 6ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
මිට වසර 6කට පෙර එනම් 2013 සැප්. 8වනදා මාලිගාවත්ත ප්රදේශයේදි ගංජා ජාවාරමේ යෙදි සිටියදි විත්තිකරුට අත්අඩංගුවට ගෙන තිබු අතර විත්තිකරුට එරෙහි චෝදනාවන් ඔහු නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මහතා අතින් වරද පිළිගත්තේය. චෝදනා වලට වරද පිළිගැනිමේන් අනතුරුව විනිසුරුවරයා විත්තිකරුට ආදාළ දඬුවම් නියම කළේය.

popular news
-
Nandana Friday, 23 August 2019 03:54 PM
මෙයා එල්ලුම්ගස් අරින්න ඕන කෙනෙක් නොවේද ?.
Reply : 0 0
Champa Friday, 23 August 2019 06:03 PM
මොනවා? අන්තිම ලිහිල් දඬුවමක්. හෙරොයින් ග්රෑම් 5ක් ළඟ තියා ගත්ත පොඩි කුඩ්ඩෙකුට මරණ දඬුවම දුන්න. තව ඒ වගේ පොඩි කුඩ්ඩන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දුන්න. කිලෝ 5ක් තියා ගත්ත මිනිහට අවුරුදු 6යි. අවුරුදු ගානක් තිස්සේ කට්ටි පැන පැන මහා පරිමාණ විදිහට කුඩු ජාවාරමේ යෙදුනු කුඩු පියාට දඬුවම අවුරුදු 6 යි. හෙරොයින් ජාවාරම ග්රෑම් වලින් කරනවට වඩා කිලෝ වලින් කරන එක ලාබයි කියල පොඩි කුඩ්ඩන්ටත් හිතෙන්න පුළුවන්.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

