පසුගිය වසරවලදි අපි විශාල වැඩ කොටසක් කළා - ඉදිරියටත් අපි එය කරනවා - අගමැති
එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තමන් පක්ෂය තුළ කිසිදු ගැටලුවක් ඇති නොවන පරිදි එක්සත්ව ඉදිරියට ගෙන යන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව සන්ධානය ගොඩනැගීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස පක්ෂයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව පැවසීය.
ගතවූ වසර කිහිපය තුල වත්මන් ආණ්ඩුව ලබා දී තිබෙන නිදහස ආරක්ෂා කර ගනිමින් රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා යුතු බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (22) දින අරලියගහ මන්දිරයේදී පැවති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ 2019 වර්ෂය සඳහා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන සහ එහි ප්‍රගතිය සම්බන්ධව ත්‍රිකුණාමලය, අම්පාර, පුත්තලම, මාතලේ, පොළොන්නරුව, යාපනය, වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පළාත් පාලන මහජන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේදීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා ,
“ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඇති කිරීම ඇතුළු තීන්දු තීරණ කිහිපයක් හේතුවෙන් ජනතාවට නිදහසේ ජීවත් විය හැකි වටපිටාවක් අපි ඇතිකර තිබෙනවා. අද අපට කොතරම් දෝෂාරෝපණ එල්ල කළත් ඒ කිසිවෙකුත් සුදු වෑන් වලින් ගෙන ගොස් අතුරුදහන් කිරීම් හෝ ඝාතනය කිරීම් සිදු කර නැහැ. දිනා ගත් නිදහස ආරක්ෂා කරමින් අප සියලූ දෙනාම ඉදිරියට ගමන් කළ යුතුයි.
පසුගිය වසර කිහිපය තුළ විශාල වැඩකටයුතු ප්‍රමාණයක් සිදුකර තිබෙන නිසා එම වැඩපිළිවෙල තවත් ඉදිරියට ගෙන යා යුතුයි. කොතරම් අභියෝග හමුවේ වුවත් රැකියා ලබාදීමට අප පියවර ගත්තා. ඉදිරියේදීත් රැකියා ලබාදීමට රැකියා අවස්ථා බිහිකළ යුතුව තිබෙනවා.
රටක් දියුණු කිරීමට වසර 10 – 15 ක කාලයක් අවශ්‍ය වෙනවා. මෙම සංවර්ධන වැඩපිළිවෙල ආරක්ෂා කර ගනිමින් රට සංවර්ධනය කරා ගෙන යාමට අපේම ආණ්ඩුවක් ඇති කිරිමට පියවර ගත යුතුයි. පක්ෂය තුළ කිසිදු ගැටලුවක් ඇති නොවන පරිදි එක්සත්ව ඉදිරියට ගෙන යන බව පක්ෂ නායකයා වශයෙන් සඳහන් කරන්න කැමතියි. ඇති කිරීමට නියමිත සන්ධානයේ වැඩකටයුතු ඉතා ඉක්මනින් අවසන් කරන ලෙස පක්ෂ නායකයින්ටත්, පක්ෂ නිලධාරීන්ටත් මම උපදෙස් ලබාදී තිබෙනවා” යැයි අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි

popular news
-
ajith Thursday, 22 August 2019 10:41 PM
ගෝටා ලංකාවෙන් පැනල ගියකියන චුටි බබාලට කියන්න තියෙන්නේ, ලඟම පුස්තකාලෙට ගිහින් 86 ඉඳල 91 විතර වෙනකන් පත්තරවල ආරක්ෂක කොලම බලන්න කියන එකයි . ඒකාලේ ඔහු කාලදේවල ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. සිළුමිණ බලන්න එපා
Reply : 0 0
laggi Friday, 23 August 2019 05:51 AM
බැංකු හොරා කෑවා, අපි ඔක්කම බඩගින්නේ , ය මොනවද කියයන්නේ
Reply : 0 0
Purawasiya Friday, 23 August 2019 08:53 AM
මාර වැඩ කොටසක් කරා කියල අපිට දැනෙනවා ආර්ථිකේ වැටිලා තියෙන හැටි බලපුවහම! අනික මාර සංවර්දනයක් වෙලා තියෙන්නේ, තව ටික දවසකින් සිංගපුරුව පරාදයි!
Reply : 0 0
සෙනෙවි Friday, 23 August 2019 12:22 PM
නැතුව නැතුව මහා බැංකුවක් බිඳපු එක විශාල වැඩක් නේන්නං
Reply : 0 0
nimal Friday, 23 August 2019 12:43 PM
ඇත්ත තමා මහා බැංකුව එහෙම කැඩුවේ වසර ගානකට කරන්ඩ බැරිඋන දේවල්නේ . ඒවා ගැන මුනිවත රකින්නේ ජයටම සුපෙර් . ඔබට ජය ! ඔබේ රජයටත් ජය !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

