කෑගල්ල දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් එහි සියලුම ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන ඒම අවසන් වූයේ පස්වරු 10.30ට බැවින් එම දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරිම බොහෝ දුරට ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.