saravita-anim2

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

Latest News - timelapse 10091 hours ago

LATEST

සුඛෝපභෝගී මගී දුම්රිය මැදිරි සඳහා ලංසු කැඳවයි

calendar_today 2019 ඔක් 30 - 23:23 remove_red_eye - 695  

බදුල්ල, උතුරු, නැගෙනහිර හා දකුණු යන දුම්රිය මාර්ගවල ඉදිරි වසර පහක කාලයක් සඳහා සංචාරක කටයුතු සඳහා බදු පදනම මත සුඛෝපභෝගී මගී මැදිරි ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

සනීපාරක්ෂක කොමෝඩ, ජල කුටීර හා ලෝහමය හා පීවීසී වර්ගයේ ජලය ලබාගැනීමේ කරාම හා නැවතුම් වෑල්ව නියාමන කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

උත්සව සමයේදී අවශ්‍ය තරම් කුකුල් මස් හා බිත්තර සපයන බවට දේශීය නිෂ්පාදකයින් සඳහන් කිරීම හේතුවෙන් එම ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම සිදුනොකරන බව පශු සම්පත් රාජ්‍ය පරිපාලක හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

රජරට වකුගඩු රෝගය ව්‍යාප්ත විමට ඔක්සිජන් සැපයුවේ මහින්ද රාජපක්ෂ රජය බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More

මොරගහ කන්ද - කලු ගඟ මහවැලි එෆ් කලාපය කාබනික කෘෂිකාර්මික නිෂ්පාදනයන් සිදුකරන තිරසර සංවර්ධන කලාපයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් දහතුන් දහස් එකසිය තිස් පහකට අයත් පුද්ගලයන් පනස් එක් දහස් හත්සිය අසූ තුනක් පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිම කළ සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (30) සිදු කෙරිණි.

Read More

දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල තර කිරීම වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් දායක වීමට කැමති අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් හා රාජ්‍ය සේවයේ හා රාජ්‍ය සංස්ථාවන්හි සේවයේ නියුතු එක් දිනක වැටුප අරමුදලට පරිත්‍යාග ලෙස ලබාගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

මුලතිව් පුදුකුඩිඉරිප්පු සුගන්දිරපුරම් ප්‍රදේශයේ මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානයෙ වැඩිදුර කැනීම් සිදු කිරීමේදී මිනිස් හිස් කබලක් ඇතුළු තවත් අස්ථි කොටස් කීහිපයක් සහ ඇදුම් හමුවීමත් සමගම ඒ ස්ථානයේ ඉදිරි දිනයන්හීත් කැණීම් කටයුතු සිදු කරන මෙන් මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට හා පොලීසියට නියෝග කොට තිබේ.

Read More

හෙක්ටයාර 446 ක වපසරියකින් යුක්තව චීන සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක ආයෝජනයකින් පුරවන ලද වරාය නගර ව්‍යාපෘති භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරන ලදි.

Read More

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා චීන නිලධාරීන් පිරිසක් විසින් යාපනයේ අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ කළ කැණීම් වලදී සොයා ගත් මැටි බදුන වසර හයසීයත් හාරසීයත් අතර ඉපැරණි කාලයකට අයත් චීන මැටි බදුණක් බව යාපනය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පී.පුෂ්පරත්නම් මහතා පවසයි.

Read More

හදිසියේ පැතිර ගිය වෛරස් උණ රෝගයක් හේතුවෙන් වවුනියාව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිස් දෙදෙනෙකු ඊයේ (29) රාත්‍රිය වනවිට වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇත.

Read More

තමන් විදේශ කටයුතු සේවා අමාත්‍ය ධුරයෙන් ඉවත් බවත් නොවන බව විදේශ කටයුතු සේවා අමාත්‍ය වසන්ත සේනානායක මහතා සඳහන් කරයි.

Read More

සක්‍රීය සේවයේ යෙදී සිටින හෝ විශ්‍රාම ලබා ඇති ආරක්ෂක හමුදා සාමාජිකයන්/ පොලිස් නිලධාරීන් ස්වකීය නිල ඇඳුමෙන් සැරසී සිටින ඡායාරූප ප්‍රසිද්ධ කරමින් දේශපාලන ප්‍රචාරක කටයුතු වල යෙදීම සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

දිකිරීම් සඳහා නිර්දේශිත මෙම වැලි පැකට්ටුවක (කිලෝ ග්‍රෑම් 50) මිල රුපියල් 220ක් වන අතර, මෙහි නියමු ව්‍යාපෘතිය ලෙස බස්නාහිර පළාත තුළ ප්‍රථමයෙන් වැලි පැකට් බෙදාහැරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කටයුතු යොදා තිබේ.

Read More

ලකුණු 118ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේිලියා කණ්ඩායම පන්දුවාර 13 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය.

Read More

ඇතැම් ප්‍රධාන ජනමාධ්‍ය මැතිවරණ කොමිසමේ මාධ්‍ය උපමාන සූක්ෂ්ම ලෙස උල්ලංඝනය කරමින් කටයුතු කරන බව කැෆේ සංවිධානය පවසයි.

Read More

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය දුරුකරලීම සඳහා ජාත්‍යන්තරය සමග කටයුතු කළ යුතු බව තමන් ප්‍රකාශ කළ අවස්ථාවේ එය විවේචනය කළ රාජපක්ෂලා හෝ ඔවුන්ගේ කඳවුරේ උදවිය මේ වන තෙක් අයි.එස්.අයි.එස්. නායකයාගේ ඝාතනය පිළිබඳව වචනයක් ප්‍රකාශ කර නැති බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

Read More

ශ්‍රී ලංකා ගුරු උපදේශක ‍සේවාව ලෙස වෙනම සේවාවක් ස්ථාපනය කිරිමට අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම යටතේ සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාවට ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාගැනීම සඳහා ඊයේ (29) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

Read More

2017 සහ 2018 වසරවල් සමඟ සංසන්දනය කිරීමේදී මෙම වසරේ මාස 10 ක කාලයක් තුළ නඩු ගොනු විශාල ප‍්‍රමාණයක් සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගෙන අවසන් බවද එය වසර 135 ක නීතිපති දෙපාර්තමෙන්තු ඉතිහාසයේ වාර්තාවක් බවද නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

Read More

එ.ජා.ප. ය කියන්නේ කිව්වොත් ඒ දේ කරන පක්ෂයක් බව විදුලිබල ,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

දැනට පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් හෙට (31 දා) දිනයේ ද වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පළාත් අධ්‍යාපන බලධාරීන්ට නියෝග කළේය.

Read More

මෙම ජලාශයේ වාන් දොරටු විවර කිරීම මුහුදු මට්ටමේ සිට මීටර් 455 දක්වා පැමිණි විට සිදු කරනු ලබන අතර මේවන විට පිටාර මට්ටමට මීටරයක් පහළින් ( 454 )ජලමට්ටම පවතී.

Read More

ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සබඳතා එක් තීරයක් එක් මාවතක් වැඩ සටහන යටතේ ඉහළම මට්ටමට පැමිණ ඇති බවත් ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂ සහාය දක්වන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා ප්‍රකාශ ප්‍රකාශ කළේය.

Read More

ඉදිරියේදී රටට අවශ්‍ය කොන්ද කෙළින් තබාගෙන වැඩ කළ හැකි නායකත්වයක් බවත්, ප්‍රශ්න හමුවේ බියෙන් පැන යන නායකත්වයක් නොව, රටේ ඕනෑම ප්‍රශ්නයකට සෘජුව මුහුණදිය හැකි එඩිතර නායකත්වයක් බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More

පොකිරිස්සන් ඇල්ලිම තහනම් මාසවලදි තහනම නොතකමින් ඇල්ලු පොකිරිස්සන් 106 කට ආසන්න සංඛ්‍යාවක් මුහුදේ කුඩු තුළ සඟවා සිටියදී නාවුක නිලධාරින් හා පුත්තලම සහකාර ධිවර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරින් එක්ව සිදුකල මෙහෙයුමකින් ඊයේ ( 29 ) දින සොයා ගෙන නැවත මුහුදට මුදා හැරිමට කටයුතු කර තිබේ.

Read More

සජිත් ‌ප්‍රේමදාස මහතාගේ යටතේත් අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම භේදයක් නැතිව සියලු දෙනාම එකා වගේ නොවැ. 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින්නැයි තමන් ඉල්ලා සිටින බවත් .මේ දෙයින් ශ්‍රීලනිප පාක්ෂිකයා අතරමං වෙයි, පාක්ෂිකයාට අවැඩක් වෙයි කියලා පාක්ෂිකයින්ට සැකයක් තියෙනවා නම් ඉතාම වගකීමෙන් ඒවැනි එකඟතාවයත් එක්ක කිසිම ශ්‍රිලනිප පාක්ෂිකයකුට අවැඩක් වෙන්න අපි ඉඩ නොතබන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය, දුමින්ද දිසානායක මහතා පවසයි.

Read More

වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අද (30දා) දිනයෙන් පසු අඩු වී යන නිසා දවස පුරා වැසි ඇතිවීමද ක්‍රම ක්‍රමයෙන් අඩු වී යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.