උණ රෝගයක් හේතුවෙන් වවුනියාව සරසවියේ සිසුන් 30ක් රෝහල්ගත කෙරේ
හදිසියේ පැතිර ගිය වෛරස් උණ රෝගයක් හේතුවෙන් වවුනියාව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිස් දෙදෙනෙකු ඊයේ (29) රාත්‍රිය වනවිට වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇත.
ඊට අමතරව විශ්ව විද්‍යාලයේ නේවාසිකව සිටින සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරිමට ගිය වෛද්‍යවරයෙකුට තවත් වෛරස් උණ රෝගය වැළදී සිටින සිසුන් පනස් අට දෙනෙකු සොයාගෙන ඇති අතර එම සිසු සිසුවියන්ටද වහාම ප්‍රතිකාර ලබා ගැනීමට උපදෙස් දී ඇත.
ඔවුන් පිරිස නේවාසිකාගාර වල සිටම ප්‍රතිකාර ලබා ගන්නා අතර ඔවුන් අතරින් අසාධ්‍ය වන සිසුන් වරින් වර රෝහල් ගත කිරිමට පියවර ගෙන ඇත.
මේ වෛරස් උණ රෝගය නිසා විශ්ව විද්‍යාල සිසුන්ට නිවාඩු ලබා දෙන ලෙස ශිෂ්‍ය සංගම් ඉල්ලා ඇතත් මේ දිනවල විශ්ව විද්‍යාලය තුළ අවසන් විභාග ආරම්භ කොට ඇති බැවින් සිසුන්ට නිවාඩු ලබා දිය නොහැකි බව පාලන අධිකාරිය දැනුම් දී තිබීම හේතුවෙන් සිසුන් අපහසුතාවයන්ට පත්ව ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
