වසර 600කට අධික පැරණි චීන මැටි බඳුනක් යාපනයෙන් හමු වෙයි
ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා චීන නිලධාරීන් පිරිසක් විසින් යාපනයේ අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ කළ කැණීම් වලදී සොයා ගත් මැටි බදුන වසර හයසීයත් හාරසීයත් අතර ඉපැරණි කාලයකට අයත් චීන මැටි බදුණක් බව යාපනය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පී.පුෂ්පරත්නම් මහතා පවසයි.
මේ මැටි බදුන චීනයත් ශ්‍රී ලංකාවත් අතර අතීතයේ සිට ඉතා සෘජු සබඳකම් ඇති බවට ඉතාම හොඳ සාධකයක් බව කී පුෂ්පරත්නම් මහතා පසුගිය වසරේදී මේ ස්ථානයට නුදුරින් හමු වූ චීන කාසියද ඊට හොඳම නිදසුනක් බව කියා සිටියේය.
අලුතින් හමු වූ මැටි බදුන මීට දින කීපයකට පෙර හමු වූ අතර එම මැටි බදුන පරීක්ෂා කිරීමෙන් පසුව යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයා ඒ බව කියා සිටියේය.
චීන විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙකු ආචාර්යවරු දෙදෙනෙකු හා පුරාවිද්‍යාඥයින් පිරිසක් චීන රජයේ වියදමෙන් යාපනය ප්‍රදේශයේ කැණීම් කටයුතු කරගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකාවත් චීනයත් අතර අතීතයේ පැවති සබඳකම් පිළිබදව තොරතුරු ගවේෂණය කිරීමේ අරමුණිනි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

