ISIS නායකයාගේ ඝාතනය ගැන රාජපක්ෂලා එක වචනයක් කතා කරන්නේ නෑ - අගමැති
අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය දුරුකරලීම සඳහා ජාත්‍යන්තරය සමග කටයුතු කළ යුතු බව තමන් ප්‍රකාශ කළ අවස්ථාවේ එය විවේචනය කළ රාජපක්ෂලා හෝ ඔවුන්ගේ කඳවුරේ උදවිය මේ වන තෙක් අයි.එස්.අයි.එස්. නායකයාගේ ඝාතනය පිළිබඳව වචනයක් ප්‍රකාශ කර නැති බව අග්‍රාමාත්‍යවරයා පවසයි.
ඊයේ (29) වනදා වත්තල නගරයේ පැවති ජනාධිපතිවරණ රැළියක් අමතමින් වික්‍රමසිංහ මහතා මේ අදහස් දැක්විය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා,
"අයි.එස්.අයි.එස්. ත්රස්තවාදයට සම්බන්ධ පුද්ගලයන් පාස්කු ප්‍රහාරය සිදු කළ අවස්ථාවේ එවැනි ප්‍රහාර හුදෙකලාව මැඬ පැවැත්විය නොහැකි බවත්, ගෝලීය ත්‍රස්තවාදය මැඬලීම උදෙසා ජාත්‍යන්තරය සමග එක්ව කටයුතු කළ යුතු බවත් අප පෙන්වා දුන්නා. ඒ අනුව මම ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ඇතුළු විදේශීය රාජ්‍ය නායකයන්ට පුද්ගලිකවම කතා කොට සහාය ඉල්ලා සිටියා.
ඒ අවස්ථාවේ රාජපක්ෂ කඳවුර කළේ අප ජාත්‍යන්තරයට රට පාවා දෙන බව කියමින් සමච්චල් කිරීමයි. ගෝලීය ත්‍රස්තවාදය යන වචනය පවා ඔවුන් පාච්චල් කළා.
ඇමෙරිකාව සහ තවත් මුස්ලිම් රටවල් තුනක් එක්ව කළ මෙහෙයුමකින් අයි.එස්.අයි.එස්. නායක අල් බග්ඩාඩි ඝාතනය කර තියෙනවා. මේ ක්‍රියාව ගෝලීය ත්‍රස්ත සංවිධානයක කොඳු නාරටිය බිඳ දැමීමක්. මම මේ මෙහෙයුම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප්ට ප්‍රශංසාව පළ කළා.
ජාතික ආරක්ෂාව සහ දේශප්‍රේමය පිළිබඳව පම්පෝරි ගහන රාජපක්ෂලා මේ ගැන වචනයවක්වත් කතා කර නැහැ. අදහස් දැක්වීමක් සිදු කර නැහැ. ජාත්‍යන්තර ත්‍රස්ත නායකයෙක් ඝාතනය කිරීම පිළිබඳ ගොලූවත රකින්නේ ඇයි දැයි මම ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා.
අල් බග්ඩාඩිගේ ඝාතනය සමග අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය මුළුමනින්ම නැති වන බව මම ප්‍රකාශ කරන්නේ නෑ. නමුත් ජාත්‍යන්තරය සමග එක්ව හා සහයෝගයෙන් කටයුතු කිරීමෙන් ගෝලීය ත්‍රස්ත උවදුරු අවම කර ගැනීමටත්, ත්‍රස්ත ක්‍රියාකාරකම්වලින් ආරක්ෂා වීමටත් අපට අවස්ථාව උදාවෙනවා.” යැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි

popular news
-
Purawasiya Wednesday, 30 October 2019 04:36 PM
මාරයිනේ මෙයා! තදවෙලා ඉන්නේ. බුද්ධි අංශ දැනුම්දීල තියෙද්දී විනාශයක් වලක්වා ගැනීමට නොහැකි උන නායකයෙක්, පරම්භාන හැටියක්! ඒකාලේ කොහොමද තොප්පිගල කැලෑවට ගහනකොට!
Reply : 6 0
Kumar Wednesday, 30 October 2019 09:38 PM
මොනවද මේ අගමැතිතුමා කියන්නෙ. ඒ ත්රස්තවාදියාට බයේ නේද මහජනයා රාජපක්ෂලා ඕනෙ කීව්වෙ. ඉතින් රාජපක්ෂලාට පුලුවන්ද ඒ මිනීමරුවා හෙලාදකින්න. අසරණ ජනය පෙලූ ඒ ත්‍රස්තයා හමුදා ප්‍රහාරයෙන් මරුනෙ කුක්කෙක් වගේලු.
Reply : 5 0
Deepal Nirosh Thursday, 31 October 2019 09:21 AM
මම හිතන්නෙ රාජපක්ෂලාට අයිඒස්අයිඒස් නායකය තමුන්ලට ප්රභාකරන් වගේ වෙන්නැති. ඒ්කයි ඔය හා හූ වක් නැත්තෙ. අනික ඔ්න ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් ඒකේ ඔ්කත් මහ ලොකු කජ්ජක්ද?
Reply : 2 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

