saravita-anim2

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

Latest News - timelapse 9927 hours ago

LATEST

කම්කරු පක්‍ෂයට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයෝ වීදි බසිති

calendar_today 2019 දෙසැ 06 - 11:04 remove_red_eye - 1247  

දෙසැම්බර් 12 වැනිදාට යෙදී තිබෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට සමගාමීව විපක්‍ෂයේ කම්කරු පක්‍ෂ ඡායා කැබිනට්ටුවේ මුදල් අමාත්‍ය ජෝන් මැක්ඩොනල්ඩ් විසින් සිදුකරන ලද ශ්‍රී ලංකා විරෝධී අසත්‍ය ප්‍රකාශයට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයෝ පෙරේදා (04දා) සවස විරෝධතාවක නිරත වූහ.

මසුන් මැරිම සදහා යොදා ගැනෙන ස්පියර් තුවක්කු හතරක් නීතිවිරෝධි ලෙස සන්තකයේ තබා ගත් ව්‍යාපාරිකයෙකු ලක්ෂ 10ක ඇපයක් මත මුදා හැරිමට කොළඹ අංක 5 ප්‍රධාන මහේස්ත්‍රාත් වයි.ඩි.ආර්. නෙළුම්දෙණිය මහතා ඊයේ සවස ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින්ට නියෝග කෙරුණි .

Read More

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා පත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

Read More

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ගනු ලැබූ තීරණය පරිදි විපක්ෂනායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කිරියවසම් මහතා මගින් කථානායක වෙත යොමු කරන නිර්දේශය කථානායකවරයා පිළිගත් බව කථානායක මාධ්‍ය ඒකකය පවසියි.

Read More

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාණ පුහුණු උපදේශක ලෙස දකුණු අප්‍රිකානු ජාතික මිකි ආතර් පත්කර තිබේ.

Read More

කොළඹ නගරයේ හා අවට නගරවල පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ මැද පෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (05දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

තම ප‍්‍රතිපත්ති ප්‍රකාශයේ ප‍්‍රමුඛත්වයක් ලබාදුන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ උන්නතිය සඳහාවූ කි‍්‍රයාමාර්ග කඩිනමින් සිදු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ගුරු, විදුහල්පති, ගුරු උපදේශකයන්, ගුරු අධ්‍යාපනඥයින් හා අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන් සඳහා අධ්‍යාපනය සංවෘත සේවාවක් බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබලන ජනාධිපති කොමිසම් සභා වාර්තාව නිකුත්වූ පසුව එහි කරුණු පසුබිම් කරගෙන අදාළ චූදිතයන්ට නව ආණ්ඩුව යටතේ අනිවාර්යෙන්ම කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

Read More

මානව හිමිකම් කඩවීමක් වුණාම ශ්‍රී ලංකාව තුළම විසඳා ගැනීමේ යාන්ත්‍රණය අපි වඩාත් ශක්තිමත් කළොත් ඩයස්පෝරාවට විදේශ තානාපති කාර්යාලවලට විදේශ NGO වලට අපේ රටේ අභ්‍යන්තරයට ඇඟිලි ගහන්න පුළුවන් කමක් නැති බව අධිකරණ මානව හිමිකම් හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමට ලක් වූ බව සඳහන් සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණවලට තානාපති කාර්යාලය සහය ලබා නොදෙන බව පවසමින් මහජන යුතුකම කේන්ද්‍රය අද (05දා) එක්සත් ජාතීන්ගේ කාර්යාලයට විශේෂ ලිපියක් භාරදීමට කටයුතු කළේය.

Read More

නව රජ්‍ය අමාත්‍යවරුන්වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ මේ වසරේ සිදුකළ වැඩිම වාහන ආනයනය හා ප්‍රතිඅපනයන කිරීමේ කටයුතු පසුගිය 01 වනදා සිට 05 වනදා වූ කාලය තළදී සිදුකර ඇතිබව වරාය කළමනාකාරිත්වය පවසා සිටි.

Read More

ඇමතිවරුන්ට අයත් විෂය පථයන්ට අයත් ආයතන සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ඉක්මනින් නිකුත් කරනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වැසි හා ඉහළ ජලාශවල වාන් දොර‍ටු විවෘත කිරීමෙන් ඇතිව තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4ක පවුල් 78ක පුද්ගලයින් 264කට බලපෑම් එල්ල වි ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

Read More

නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති අනුව විවිධ භාණ්ඩ හා සේවා සඳහා අයකරනු ලබන බදු වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබේ.

Read More

දශක තුනකට ආසන්න කාලයක් පසුගිය යුද්ධයේදි කුරිරු ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැද රක්ෂිතයට පත් රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නැංවිම , දැස් සහ පාද අහිමි වු යුද / නාවික රණවිරුවන් දෙදෙනෙකු නාගදිපයේ සිට ශ්‍රි පාද කරුණා කරන පාද යාත්‍රාව අද (05) දින නාවලපිටිය ගිනිගත්හේන නගරය දක්වා ගමන් කරනු ලැබිණ.

Read More

පාස්කු ඉරිදාවු බෝම්බ ප්‍රහාරයෙන් පසු උණවටුණ සංචාරක කලාපයේ සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව උණවටුණ ප්‍රදේශයේ සංචාරක ව්‍යපාරයේ නිරත හෝටල් හිමියෝ පවසති.

Read More

මම අද ඇවිල්ලා ඉංග්‍රීසි විෂය කළා. අනිත් ඒවා පාස්. මට තිබුණේ S සාමාර්ථයක්. මට C සාමාර්ථයක් එයි කියලා හිතනවා.

Read More

වසර 30ක ත්‍රස්තවාද යුද්ධයට හිරවී විවිධ දුක්කරදරවලට මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාව යුද්ධය අවසන් කළ පසුව එකමුතුව, සැනසීමෙන් ජිවත්වන පරිසරයක දමිළ මුස්ලිම් ජනතාව අතර විරසක ඇති කරලීමේ අරමුණින් විනයාගමුර්ති මුරලිදරන් ( කරුණ අම්මාන් ක්‍රියාකරමින් සිටින බව නැගෙනහිර පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය එම්.එස් සුබයිර් මහතා සඳහන් කරයි.

Read More

චීනය ඉන්දියාව ඇතුළු බලවත් රටවලට ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කිරීමට ආරාධනා කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීම වෙනුවෙන් ආරම්භ කර ඇති වව්චර් ක්‍රමය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

Read More

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ 64 දෙනා දෙසැ . 19 වන දින දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.

Read More

විද්‍යාපීඨවලින් ඩිප්ලෝමාධාරීන් වෙනුවට උපාධිධාරීන් බිහිකිරීමට බලාපොරොත්තුවන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

කණ්ඩලම වැවේ වාන් දැමීම ඊයෙ (4) දින පස්වරුවේ සිට ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසති.

Read More

නේපාලයේ පැවැත්වෙන සාග් තරගාවලියේදී මීටර් 100 කඩුලු මතින් දිවයෑම කාන්තා ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ලක්ෂිකා සුගන්ධි සමත්වූවාය.

Read More

අඩු කළ වැට් බද්ද දුම්වැටි හා මත්පැන් නිශාපාදනයේදී අය කරන නිශ්පාදන බද්දට එක්කර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව විසුරුවාහැරියත් බදු සහන ක්‍රියාත්මක වීම සඳහා එය ගැටලුවක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.