saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9962 hours ago

LATEST

විදුලි සංදේශ බදු සහනය නොලැබුණානම් පැමිණිලි කරන්න

calendar_today 2020 ජන 29 - 17:10 remove_red_eye - 479  

පසුගෙවුම් පාරිභෝගිකයන්ගේ දෙසැම්බර් මස බිල් පතෙන් අදාළ බදු අඩුකිරීම් කර නොමැති අවස්ථා තිබුණත් එසේ වැඩිපුර අයකරගත් මුදල් පවතීනම් එය ජනවාරි මස බිල් පතෙන් අඩුවිය යුතු බවත් කොමිෂන් සභාව සඳහන් කරයි.

කොරෝනා වෛරසය ආරම්භ වූ වූහාන් ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලංකා සිසුන් නේවාසිකාගාර තුළ ඉතා ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ සිටින බව රජය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා යළිත් එළැඹෙන 12 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

පොඩි නට් එකක් ශබ්ද කළාම ඒක තමයි එන්නේ. ලොකු මැෂිම වැඩ කරනවා. ඒක එන්නේ නෑ. මේ භේද භින්න කරන්නේ නැතිව අපි එකට වැඩ කරන්න හදන්නේ. ඔබතුමාලා (මාධ්‍ය) තමයි මේ කඩලා විනාශ කරන්න හදන්නේ.

Read More

නව කොරෝනා වෛරසය සතියකින් හෝ දින 10 කින් පමණ උපරිමයට පැමිණිය හැකි බව චිනයේ ප්‍රමුඛ පෙළේ ශ්වසන විශේෂඥවරයෙක් වන ෂොං නන්ෂාන් ෂින්හුවා පුවත් සේවය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.

Read More

2020 වර්ෂයේ මත්පැන් විකිණිම සඳහා වූ බලපත්‍ර ලත් ස්ථාන වසා තැබිය යුතු දිනයන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.

Read More

කිසි අවස්ථාවක අධ්‍යාපන අමාත්‍යාංශ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මුඛ ආවරණ පළදින ලෙස ජනතාවට හෝ දරුවන්ට උපදෙස් ලබාදී නොමැති බවත් පාසල් වැසීමට කිසිදු තීරණයක් ගෙන නැති බවත් උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය සහ වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා පිටකොටුවේ ඉදිකිරීමට යෝජිත බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ ශක්‍යතා අධ්‍යයනය ලබන මාසයේ අවසන් කිරීමට නියමිය.

Read More

2003 වසරේදී ලෝකයේ වේගයෙන් ව්‍යාප්ත වූ සර්ස් රෝගයට හේතුවූ වෛරසය සොයාගත් මහාචාර්යවරයාද වන මලික් පීරිස් මහතායි.

Read More

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘවරුන් සිහිකෙරෙන නිකාය දින උළෙල මෙවර උතුරුමැද පළාත කේන්ද්‍රගතකරගෙන අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ අද ( 29දා) පැවැත්විණ .

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් 23ක් මේ වන විට කෙළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බව වෛද්‍යවරු සඳහන් කරති.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද (29දා) පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.

Read More

නීතිපති දප්පුලද ලිවේරා මහතා හා කථානායක කරු ජයසූරිය මහතා අතර හමුවක් පවත්වා තිබේ.

Read More

එම ප්‍රද්ගලයින් අසාදු ලේඛනයට ඇතුළත් නොකරන අතර, අවශ්‍ය නම් පසුව E-9, D-2, D-4, D-8 වර්ගයේ වීසා බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ හැකියාවද ලැබේ.

Read More

ලොව උසම ස්ථානයේ සිට පැවැත්වූ විලාසිතා දැක්ම ලෙස ගීනස් වාර්ථා තැබීමට ඊයේ 28දා නේපාලය සමත්ව තිබෙනවා.

Read More

චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 380 ක් මේ වනවිට ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇතැයි චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ.යෝගානන්ද මහතා පැවසීය.

Read More

මෙම කටකතා ජනතාව ජනතාව අතර අනවශ්‍ය බියක් ඇතිවන ලෙස ප්‍රචාරය කර හරින බවට රජය නිරීක්ෂණය කරන බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ අදාළ දෙපාර්තමේන්තු සහ රජයේ ආයතන සමග පූර්ණ සහයෝගයෙන් කටයුතු කර ඵලදායී පූර්වෝපායන් අනුගමනය කරමින්, ශ්‍රී ලංකාව සහ එහි ජනතාව කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කිරීමට ගත හැකි සෑම උත්සාහයක්ම දරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වාර්තා වන මරණ සංඛ්‍යාව 132ක් දක්වා වර්ධන වී තිබේ. ඒ අනුව ඊයේ දිනයේ සිට අද දිනය දක්වා මරණ 26කින් වැඩිව තිබේ.

Read More

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අද (28) කථානායක කරු ජයසූරිය මහතාව මුණගැසුනා.

Read More

චීනයේ වූහාන් නගරයේ මේ වනවිට වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීමට ජනාධිපතිතුමාගේ උපදෙස් මත විදේශ සබඳතා අමාත්‍යාංශය පියවර ගෙන ඇති නමුත් චීන බලධාරීන් විසින් කිසිදු පුද්ගලයෙක් එම ස්ථානවලින් ඉවත් කිරීමට ඉඩලබා දී නොමැති බව ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

එම සංචාර අවලංගු කරන ලෙස හෝ පසුවට කල්දමන ලෙස චීන තානාපති කාර්යාලය චීන සංචාරකයන්ගෙන් ඉල්ලා තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ චීන සංචාරක කාන්තාව නැවතී සිටි හෝටලයේ සේවිකාවක් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

මහ බැංකු බැදුම්කර නිකුතුව පිළිබදව සිදුකළ වෝහාරික විගණන වාර්තාව ලබන පෙබරවාරී 18දා සහ 19දා යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය විය

Read More

වාර්ෂිකව ශ්‍රී ලංකාවට ආනයනය කරන හා මාර්ගවල ධාවනය කෙරෙන වාහන සංඛ්‍යාව සියයට 10කින් ඉහළ ගියද මාර්ග පුළුල්වීම සිදුවී ඇත්තේ සියයට තුනකිනි.

Read More

කොරෝනා වෛරසය ආසාදිත ලංකාවේ ප්‍රථම රෝගියාව සොයා ගැනීමත් සමඟ ඇය සංචාරය කරන අතරතුර මාතලේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේ හෝටලයකින් ආහාර ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය විමත් සමග එම හෝටලයට හා ඒ ආශ්‍රිත ප්‍රදේශ පිළිබදව අවධානය යොමු කිරිමට මාතලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේපාලි වික්‍රමතිලක මහත්මිය අද (28)දා පැවසුවාය.

Read More

කොරෝනා වෛරස් අවධානම පිළිබඳ හදිසි තත්ත්වයක් සේ සලකා කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කළ බව විපක්ෂ නායක කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Read More

නව කැළනි වැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල සිට මරදාන දක්වා දිවෙන අතර එම දුම්රිය මාර්ගය මාලපල්ල සිට මරදාන දක්වා කිලෝමීටර් 22ක දුරක් ගමන් කරන්නේ භූමි මට්ටමින් අඩි 18ක් පමණ උස් කුළුනු මතින් දිවෙන දුම්රිය මාර්ගයකය.මාලපල්ල සිට මරදාන දක්වා කොටසේ එම දුම්රිය ගමන් කරනුයේ විදුලිබලයෙනි.

Read More

කොරෝනා වෛරසය පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්වුවහොත් කතෝලික සභාව මගින් පාලනය වන සියලුම පාසල් වසා දමන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.