උපාධිධාරී පත්වීම් අත්හිටුවා නෑ - බන්දුල
මැතිවරණ කොමසාරිස්වරයා විසින් උපාධිධාරී පත්වීම් අත්හිට වූ බවට පැතිර යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව උසස් අධ්‍යාපන හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද (04දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
එසේම පත්වීම් සඳහා ඉල්ලුම්පත් යොමු කළද මේ වන තෙක් පත්වීම් ලිපි ලැබී නොමැති නම්, ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අභියාචනාවක් ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේය.
"සමහර මාධ්‍ය ජාලාවල යනවා මැතිවරණ කොමසාරිස්තුමා විසින් උපාධිධාරීන්ට පත්වීම් ලබාදීම අත්හිටුවලා තියෙනවා කියලා. මෙය සාවද්‍ය ප්‍රකාශයක්. මැතිවරණ කොමසාරිස්වරයා විසින් එවැනි ප්‍රකාශයක් කරලා නෑ. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කලින් දේශපාලන ව්‍යාපෘතියක් ලෙසින් මෙය ක්‍රියාත්මක කළේ නෑ. අවුරුද්දකට වැඩි කාලයක් කිසිදු ඵලදායි රැකියාවක නිරත නොවූ උපාධිධාරීන්ට මෙම මාර්තු මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පත්වීම් ලිපි යවනු ලැබුවා.
පත්වීම් ලිපි ලබාදුන්නේ අභ්‍යාසලාභීන් ලෙස පුහුණුවක් සඳහා. එවිට ඔවුන්ට ලබන වර්ෂයේ මාර්තු මාසය තෙක් රුපියල් 20,000ක වැටුප් ගෙවනවා. ඒ නිසා අපි මේ ක්‍රියාත්මක කළේ අපට හිතවත් පොහොට්ටු පාර්ශ්වයන්ට පමණක් රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් නෙවෙයි. දේශපාලන වාසියක් ගන්න නම් රැකියා දෙනවා කියලා මැතිවරණය ඉවර වෙනකම් තියාගෙන ඉන්න පුළුවන්කම තිබ්බා. ජනාධිපතිතුමා ජනාධිපතිවරණයේදී කියලා තිබුණා විරැකියාවෙන් පෙළෙන උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බව. ඒ අනුව පත්වීම් ලිපි යවලා තියෙනවා. ඒ නිසා පුහුණුව නතර කිරීමේ තේරුමක් නෑ.
ඉල්ලුම් කරලා කාට හරි පත්වීම් ලිපි ලැබිලා නැත්තම් ඒ අයගෙන් අපි ඉල්ලා සිටිනවා අභියාචනාවක් ඉදිරිපත් කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ ජනාධිපති ලේකම් කාර්යාලයට. ඒ වගේම අද දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් පත්‍රිකාවක් නිකුත් කරන බව සඳහන් කළා. ඒ අයට නිසි ලෙස සන්නිවේදනය වෙලා නැත්තම් ඒ පිළිබඳ චක්‍ර ලේඛනයක් නිකුත් කරන බවද පවසා සිටියා" යනුවෙන්ද සඳහන් කර සිටියේය.
popular news
-
Devinda Uduwara Thursday, 05 March 2020 09:44 AM
The Minister might have not read the circular of the Chairman of Election Commission dated 03/02/2020 addressed to the relevant ministry.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
