ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කිරීමට නියමිත ආමාත්‍ය මණ්ඩලයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ නම කැපී ගොස් ඇතැයි වාර්තා වෙයි.
සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය ලබාදෙන ලෙසට එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් කීපදෙනෙක් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකට වැඩි පිරිසක් දැනටමත් ලිපියකට අත්සන් තබා ඇති අතර, එම ලිපිය අද හෝ හෙට දිනයේ දී කථානායකවරයාට භාරදීමට සූදානම්ව ඇතැයි ’අද’ පුවත්පතට වාර්තා වෙයි.
Read Moreසියලුම රජයේ සේවකයන්ගේ විදේශ සංචාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇත.
Read Moreරට තුළ සාමකාමීව ජීවත්විය හැකි වාතාවරණයක් රට තුළ පවත්වාගෙන යෑමට සියලු විධි විධාන යොදා ඇති හෙයින් අනිසි බියක් ඇති කර නොගෙන සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වාගෙන යා හැකි බව ආකර්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා නිවේදනය කරයි.
Read Moreතේ දලු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත් දෙනෙකු අද (20) පස්වරුවේ බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එ.එස්.කේ ජයසුරිය මහතා පැවසිය.
Read Moreරුවන්වැලි සෑ රඳුන්ගේ පැළඳවීම සඳහා නිර්මාණය කරන ලද නව රන් පාදම සහිත චූඩා මාණික්‍ය සෑ රඳුන් මත පැළඳවීම හා ස්වර්ණාලේපිත කොත් වහන්සේ නිරාවරණය ලබන නොවැම්බර් 26 වැනිදා මහ සඟරුවනේ මූලිකත්වයෙන් සිදුකරන බව රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාමිහියෝ අද පස්වරුවේ මාධ්‍යයට ප්‍රකාශ කළහ.
Read Moreමහේස්ත්‍රාත් අධිකරණයක මුදල් අයකැමි වරයෙකු මුදල් වංචා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ විශේෂ විමර්ශන අංශය මගින් සැකපිට අඩංගුවට ගෙන ඇත.
Read Moreආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හා අභිනව ජනාධිපති හා සන්නද්ධ සේවාවන්හි සේනාවිධායක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල හමුවීම ඊයේ (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය.
Read Moreඅමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතා සහ ආයෝජන වැඩි කිරීම සඳහා ඇමෙරිකාව සමග කටයුතු කිරීමට සූදානම් බව ජනපති ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඑළැඹෙන මහ මැතිවරණයෙන් පසුව නව සිංහල රාවය සංවිධානය විසුරුවාහරින බව එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ පවසති.
Read Moreතිරිඟු පිටි සමාගම හා බේකරි හිමියන් සහ රජය අතර පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් පාන් ගෙඩියක මිල අද (20දා) මධ්‍යම රාත්‍රී 12 සිට රුපියල් 5කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමෙම මැතිවරණයේ දී ශෝචනියම ඉරණම අත් වුණේ ජවිපෙට බවත් දැවැන්ත වියදමක් කර රට පුරා පෝස්ටර් වලින් නහවපු ගාලු මුවදොර පිට්ටනිය පුරවලා පෙන්නපු ජවිපෙට ලැබුණේ ඡන්ද 3%ක් බවත් ඒ පිට්ටනියට ආපු අයගෙන් පවුල් පිටින් ඡන්දය දුන්න නම් ජනතා විමුක්ති පෙරමුණට මීට වඩා ඡන්දයක් ලැබෙන්නට අවශ්‍ය බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreමම ලෝකය පුරාම විස්සයි20 තරගාවලි ක්‍රීඩා කර තිබෙනවා. මට හිතෙනවා තවත් වසර 2ක් මට ඒක කළමනාකරණය කරගන්න පුළුවන් කියලා.
Read Moreඅග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ තමන්ට ප්‍රශංසා මෙන්ම නින්දා අපහස එල්ල වූ බවත් තමන්ට ප්‍රශංසා කළ, නින්දා කළ, හොඳ කියූ, නරක කියූ සියළු දෙනාටම ස්තුතිය පිරිනමන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
Read Moreඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශන්කර් මහතා ඊයේ (19) වනදා රාත්‍රියේ කොළඹ, අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවි සාකච්ඡා පැවැත්විය.
Read Moreවිපක්ෂනායක තනතුර සඳහා ජනපතිවරණයේදී දෙවැනි ස්ථානයට පත්වූ සජිත් ප්‍රේමදාස මහතා පත්කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.
Read Moreතම දිවියේ ඉතිරි කාලය ශ්‍රී ලංකාවේ දිවියන් සංරක්ෂණය කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති ’දිවියන්ගේ ව්‍යාපෘතිය’ වෙනුවෙන් කැප කරන බව නව ප්‍රජාත්‍යන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreනිල සංචාරයක් සඳහා නොවැ. 14 වන දින මෙරටට පැමිණි චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව ඊයේ (19) දින කොළඹ වරායෙන් පිටත් විය.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස්වූ අග්‍රාමාත්‍ය ධුරය සඳහා විපක්ෂනායක, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීමට නියමිතය.
Read Moreඅමාත්‍යවරයා සඳහන් කරන්නේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ගන්නා වූ සියලුම ක්‍රියාමාර්ග සඳහා තම නොමඳ සහාය ජනපතිවරයාට ලබා දෙන බවයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කොළඹ අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය.
Read Moreසජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් නලින් බණ්ඩාර මහතා විසින් කළ ප්‍රකාශයට එජාපයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊට මෙලෙස පිළිතුරු දි තිබුණා.
Read More‘පෙරේකොප්’ නෞකාව ටොන් 6900 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 399 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය.
Read Moreවිදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස යළිත් රවිනාථ ආරියසිංහ මහතා පත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා අද (20දා) පෙරවරුවේදී කොළඹ පිහිටි හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී විපක්ෂනායකවරයා හමුවිය.
Read Moreඉන් අනතුරුව හිස්වන ආණ්ඩුකාර තනතුරු සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව පත්කිරීම් සිදුකිරීමට නියමිතය.
Read Moreමෙවර ජනාධිපති මැතිවරණයේදී දෙමළ හා මුස්ලිම් ජනතාව බෞද්ධ අපේක්ෂකයින්ට තම ඡන්දය දී ඇති බවත්, හිස්බුල්ලාට හෝ සිවාජිලිංගම්ට මොවුන් ඡන්දය දී නොමැති බවත්, එම ජනතාව ජාතිවාදීන් නොවන බවත් විශේෂ ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය, කඳුරට ජනතා පෙරමුණේ නායක, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙළුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පැවසීය.
Read Moreපසුගිය දින කිහිපය තුළ හැටන් නගරයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් පෞද්ගලික බැංකු කිහිපයක් වෙත මුදල් තැන්පත් කිරිමේදි එම මුදල් තුළ රු දහසයේ සහ රු පන්දහසේ ව්‍යාජ මුදල් නොට්ටු තිබි හමු වි ඇති බව එම බැංකු කළමනාකාරිත්වය විසින් සිය ගණුදෙනුකරුවන්ව දැනුවත් කර ඇත.
Read Moreඅධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 52 ග්‍රෑම් 500 ක් රහසිගතව ළඟතබා සිටි සැකකරුවෙකු මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ඊයේ (19) සවස අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreරුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වෙයි රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන ‘පෙරේකොප්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2019 නොවැම්බර් 19) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා ඇතුළු නියෝජිතයින් පිරි
Read More