PCR යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කරයි
COVID-19 වෛසරය ආසාදිත රෝගීන් හඳුනා ගැනීම සඳහා කෙරෙන PCR (Polymerase chain reaction) පරීක්ෂණය සඳහා යොදා ගන්නා යන්ත්‍ර දෙකක් අද දින (01) විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී බාරදෙනු ලැබීය.
විදුලිබල අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ඉල්ලීම පරිදි අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් මෙම නව උපකරණ ලබාදුන් අතර, මෙම උපකරණ පද්ධතියට අදාල සියලුම උපාංග ද ලබාදෙනු ලැබ ඇත. රුපියල් මිලියන 23 ක් වටිනා නව PCR පරීක්ෂණ යන්ත්‍ර දෙක පරීක්ෂණ සේවා අවශ්‍යතාවය සැළකිල්ලට ගෙන අදාල රෝහල් වෙත ලබාදිමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කොට ඇත.

popular news
-
appuhamy Wednesday, 01 April 2020 05:53 PM
සතුටුදායක ආරංචියක් - නමුත් සමාජ දුරස්තතාව කෝ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

