කොවිඩ් 19 ආසාදනය වී රෝහල් ගත කර සිටි තවත් අයෙක් අද දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා නව කොරෝනා ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 18කි.
අද (01දා) පස්වරු 12.30 වන විට නව රෝගීන් වාර්තා වී නොතිබුණ අතර මෙ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 143කි. ශ්‍රී ලංකාවේ නව කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්විය.