ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 8451 දක්වා ඉහළට
- 1 04 2020
- 08:04
- {{hitsCtrl.values.hits}} views
- ..
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙතෙක් අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයින් ගණන 8451 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (31) උදෑසන 6 සිට අද(01) උදෑසන 6 දක්වා වු කාලය තුළ පමණක් පුද්ගලයින් 1093 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
මේ අතර ගත වු පැය 24 ක කාලය තුළ වාහන 310 ක්ද අත්අඩංගුවට පත්ව තිබේ.
පසුගිය මාර්තු 20 වන දින සිට අද දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 2078 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
