saravita-anim2

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 9474 hours ago

LATEST

ලොවපුරා කොවිඩ්-19 මරණ 6,500 සීමාව ඉක්මවයි

calendar_today 2020 මාර් 16 - 17:10 remove_red_eye - 338  

මේ දක්වා ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 162,687ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.

කෝවිඩ් - 19 වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිර වූ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා අද පැවති ප්‍රවෘති සාකච්ජාවකදී අණාවරනය කළේය.

Read More

22 වැනි කෝවිඩ් - 19 ආසාධිත රෝගියා වාර්තා වී ඇති බවට වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න සහ වීරකුමාර දිසානායක යන අද (16දා) උදෑසන නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී නාමයෝජනා පත්‍ර සඳහා අත්සන් කිරීමට නියමිතව තිබුණත් පෙර පොරොන්දු වූ සම්මුතීන් බිඳ දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දී ඇති අවම අවස්ථාවන් ගැන විරෝධය පළ කරමින් නාමයෝජනා අත්සන් කර නොමැති බව වාර්තාවෙයි.

Read More

පවතින කෝවිඩ් - 19 වෛරස් තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම උසාවි හෙට (17) සිට මෙම මස සිකුරාදා (20) දක්වා වසා දැමිමට යෝජනා කරන බව ශ්‍රී ලංකා නිතිඥ සංගමය නිවේදනයක් නිකත් කරමින් ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රි පාදස්ථානය අන් ආගමික ස්ථාන සමග සමාන කළ නොහැකි බවත්, උදුවප් පොහො දිනයෙන් ආරම්භ කළ ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක , පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසිය.

Read More

ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ’’අපේ ජන බල පක්ෂයට’’ ඉදිරි මැතිවරණයේදි සහාය දක්වන බව අද (16) රාජගිරිය සඳහම් සෙවණේදි පැවති මාධ්‍ය හමුවේදි පැවසුහ.

Read More

ලොව බොහෝ රටවල පැතිර යන කොරෝනා ආසාදිත තත්ත්වයට ශී‍්‍ර ලංකාව රටක් ලෙස ඉතා සාර්ථකව මුහුණ දෙමින් සිටින මෙම අවස්ථාවේ මහජන සෞඛ්‍යාරක්‍ෂාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙත්, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගෙත් නායකත්වයෙන් සහ සෟජු මැදිහත්වීමෙන් ගෙන යන ජාතික මහජන සෞඛ්‍යාරක්‍ෂණ ක‍්‍රියාන්විතයට පූර්ණ සහයෝගය ලබා දීම, රටේ සියලූ අංශ වලත් සියලූ පුරවැසියන්ගේත් වගකීම හා යුතුකම බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

Read More

අද දුන් රජයේ නිවාඩුව දීර්ඝ කිරීමේ සූදානමක් නැතැයි සමකැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදීය.

Read More

අද එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජනබලවේගයත් කියන මේ කොට්ඨාස දෙකටම 19 වෙනදාට පෙර නාමයෝජනා භාරදීමට තිබුණත් නාමයෝජනා සකස් කිරීමට, භාරදීමට පවා නොහැකි තත්ත්වයක් බවට පත්වි ඇති බවත් පක්ෂය තුළ ඇති විවිධ අර්බුද හමුවේ සියල්ල අඩපණ වී ඇති බව එයින් පෙනෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Read More

කෙරෝනා රෝගයෙන් පෙළෙන තවත් රෝගින් 3 දෙනෙකු සොයා ගත් බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

කඩිනමින් කෝවිඩ් -19 පාලනය කරගනිමින් නියමිත පරිදි අප්‍රේල් 25 වැනිදා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතින බවට තමන් විශ්වාස කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පහළ ගිය ඉන්ධන මිල තුළින් ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවට මෙම දිනවල ලැබෙන සමස්ත ලාභය රටේ සමස්ත මහජනතාවට සහන ලැබෙන ආකාරයට වෙන් කිරීමට කටයුතු යොදා ඇත.

Read More

කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලුම කෞතුකාගාර අද (16) දින සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමිමට තිරණය කර ඇත.

Read More

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත් වීමට තිබු විභාග කීපයක් කල් දමා තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සඳහන් කරයි.

Read More

කොරෝනා වෛරසය තවදුරටත් ලංකාවේ ව්‍යාප්ත විම වලක්වා ගනු පිණිස අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Read More

මේ දිනවල පවතින අයහපත් සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේතුව වෙතින් සහතික පත්‍ර නිකුත් කිරීම මාර්ග ගත ක්‍රමය​ට (online) ඔස්සේ පමණක් සිදු කරනු ලැබේ.

Read More

තණමල්විල දන්කොටේ ප්‍රදේශයේදී වියලි ගංජා කිලෝග්‍රෑම් 09 ග්‍රෑම් 300 ක් ස්ථානයක සඟවා තිබියදී සොයාගැනීමට අම්බලන්තොට පොලිස් විශේෂකාර්ය බලකා කදවුරේ නිලධාරීහු ඊයේ 15 අළුයම් කාලයේදී සමත් වී තිබේ.

Read More

කිලිනොච්චිය මුරසුමොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළවූ පිපිරීමකින් පසුව නිවසේ සිටි පුද්ගලයෙකු ඊයේ (15) දින අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More

කොරෝනා (COVID-19) වෛරසයේ ව්‍යාප්තිය හැකි තරම් අවම කළ හැකි වන පරිදි, මහජනයා කණ්ඩායම් ලෙස එක්රැස් වීම වලකන සියලු අවස්ථාවෝචිත ක්‍රියාමාර්ග ගැනීම රජයේ ආයතන සියල්ලකම මූලික වගකීම වන බව ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍යංශය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව තීරණය කර ඇත.

Read More

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ඊල මක්කල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊ පි ඩි පි ) නැගෙනහිර පළාතේ විණාව ලකුණෙන් තනියම තරඟ කරන බවට ධිවර අමාත්‍ය එම පක්ෂයේ මහලේකම්වන ඩග්ලස් දේවානන්ද පැවසිය .

Read More

“අලිබබා” වෙබ් අඩවියේ නිර්මාතෘ ජැක් මා විසින් පරීක්ෂණ කට්ටල 50,000ක් සහ මුහුණ ආවරණ මිලියනයක් ඇමරික එක්සත් ජනපදය වෙත පරිත්‍යාග කර තිබේ.

Read More

යාපනය තෙන්මරාච්චි එලුදුමට්ටුවාල් ප්‍රදේශයේ පිහිටි පොල්තෙල් කර්මාන්ත ශාලාවකට ඊයේ (15) දින ගිනි ගැනීමෙන් දැඩි හානි සිදුව ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

Read More

ලුණුගල දොරපොද කදු රක්ෂිතයේ 16 උදේ ඇතිවු ගින්නකින් අක්කර විස්සක් පමණ දැවී ගොස් තිබෙන බව ප්‍රදේශවාසින් කියයි.

Read More

මහකුඹුක්කඩවල නාකැලේ රක්ෂීතයේ (15) සවස හදිසි ගිනි ගැනිමකින් අක්කර 35 කට ආසන්න භුමියක් සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.

Read More

මාර්තු 10 දිනට පෙර ලංකාවට පැමිණි පුද්ගලයන් නිරෝධායනය කිරීමේ කටයුතු මේ වනවිට ගෘහස්ථ මට්ටමින් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

මන්නාරම නගරය කේන්ද්‍ර කරගනිමින් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීමට රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ විසින් ගෙන ඇති සූදානමකට විරෝධය පාමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක් ඊයේ (15) සවස සංවිධානය කොට තිබුණි.

Read More

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය යළි නංවාලීම සදහා කඩිනමින් පියවර ගන්නා බවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි.

Read More

කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ශිඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් අද (16) දිනයේ සිට යළි දැනුම් දෙනතුරු ශ්‍රී ලංකා දූත මණ්ඩල කිහිපයක කන්සියුලර් සේවා සැපයීම සීමා කිරිමට විදෙස් සබඳතා අමාත්‍යාංශංය තීරණය කර ඇත.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ 2019 වර්ෂයේ යල කන්නයේදි වු වි වගාහානි සදහා වන්දිමුදල් වශයෙන් රුපියල් කොටි 09ක මුදලක් මේ වනවිට ගෙවා ඇති බැව් කෘෂිරක්ෂණ මණ්ඩලයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක උපාලි වික්‍රමසිංහ මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.