saravita-anim2

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 9479 hours ago

LATEST

විදේශ ඇමති දිනේෂ් හොඳ සෞඛ්‍ය තත්ත්වයක

calendar_today 2020 මාර් 15 - 14:30 remove_red_eye - 787  

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිළිබඳ පැතිර යන පදනම් විරහිත ප්‍රවෘත්ති පිළිබඳ විදේශ අමාත්‍යාංශය කරුණු දක්වයි.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළදුණු පළමු ශ්‍රී ලාංකික සංචාරක මඟපෙන්වන්නාගේ පුත්‍රයාට කොරෝනා වැළදි නොමැති බවට අයි.ඩි.එච් රෝහලේ ආරංචි මාර්ග තහවුරු කරයි.

Read More

කොරෝනා වයිරස් නිරෝධායන මධ්‍යස්ථානයක් වවුනියාවේ යුද හමුදා කඳවුරක පිහිටුවා එයට සැකකටයුතු පිරිස් රැගෙන ඒමෙන් උතුරේ ජනතාවටද දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පෑමට සිදුව ඇති හෙයින් වවුනියාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය ගත් තීරණය දැඩි ලෙස හෙළාදකින බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පවසති.

Read More

වන්දනාගමන්, විනෝද චාරිකා සති දෙකක කාලයක් සඳහා අත්හිටුවන ලෙස බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

දිවයිනේ සෑම දුම්රිය ස්ථානයකම මෙන්ම ලංගම හා පෞද්ගලික සියලු බස් රථ නැවතුම්පොළවල මගී ජනතාවට දෑත් සෝදා ගැනීමේ පහසුකම් පුලුල් කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.

Read More

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයන්ට දින 14 ක ස්වයං හුදකලාවක නිරත වන ලෙස ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබේ.

Read More

ටිනර් කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් නුසුදුසු මෙති ඇල් කොහොල් ලීටර් හතළිස් දහසක් නීති විරෝධී ලෙස ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මහ නුවර සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (14 ) අත් අඩංගුවට ගෙන තිබේ

Read More

කල්පිටිය සංචාරක කලාපයේ ඩොල්ෆින් නැරඹුම් සති දෙකක කාලයක් සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි, කල්පිටිය වනජීවී අඩවි ආරක්ෂක මංජුල මොරතැන්න මහතා පවසයි.

Read More

විශිෂ්ඨ පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ පිහිටි ඔහුගේ හෝටල් දාමය කොවිඩ් 19 පෙළෙන්නන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලබා දී ඇත.

Read More

ඊයේ දිනයේදී චීනයේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20කි.

Read More

මත්කුඩු ජාවාරම මැඩලිම සදහා ගාල්ල ධිවර වරායට පැමිණෙන ධිවර බොට්ටු පරික්ෂා කිරිමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භකොට ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.

Read More

උකුස්සන් හා කටුස්සන් පොහොට්ටුවට එක්වෙමින් සිටින බවත් ඉදිරි මහා මැතිවරණයේ දී උකුස්සන් හා කටුස්සන් පාර්ලිමේන්තුවට යැවීමෙන් වළකින ලෙසත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලයි.

Read More

පොළොන්නරුව කන්දකාඩු, මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය, දියතලාව සහ කහගොල්ල යන ස්ථාන වල මෙම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වෛරසය පැතිරිම වැළැක්වීම, පාලනය සහ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ, ආරක්ෂිත මෙවලම් සහ වෛද්‍ය උපකරණ තොග ප්‍රමාණයන් හිඟයකින් තොරව තබාගැනීමේ වැඩපිළිවෙල සොයා බැලිම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විය.

Read More

කොරෝනා රෝග අවධානමත් සමග ගතවු සතිඅන්තය තුළ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ පැමිණිම සැලකිය යුතු ලෙස අඩු වි ඇත.

Read More

2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සැලසුම්කළ පරිදි ජූලි මාසයේදී පවත්වන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ් 19 වෛරසය ශ්‍රී ලංකාවෙන්ද වාර්තාවීමත් සමග එය පාලනය කිරීම වෙනුවෙන් රජය විවිධ පියවර ගෙන ඇති අතර විදේශ රටවලින් පැමිණෙන ජනතාව නිරෝධායනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

Read More

වෛරසය මුලින් පැතිර ගිය චීනයේ ආසාදිතයන් හා මරණ ශීඝ්‍රයෙන් අඩු මට්ටමකට ළඟා වෙයි.

Read More

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග අනුව මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු හෝ පෞද්ගලික මට්ටමින් පැවැත්වීමට සූදානම් කර ඇති සියලුම ප්‍රසිද්ධ රැස්වීම් උත්සව ආදිය තහනම් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හෙට (16දා) සිට 18 දා තෙක් උතුරු පළාතේ හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පවතින වියළි කාලගුණයේ තරමක වෙනසක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව සඳහන් කරයි.

Read More

අගමැති සහ බිරිඳ යන දෙදෙනාම මොන්ක්ලෝවාහි (අගමැතිගේ නිල නිවසේ) නිරෝධායනයට ලක්ව ඇති බව නිවේදනය කරයි.

Read More

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

Read More

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එළැඹෙන සඳුදා දිනය රජයේ බැංකු හා පෞද්ගලික නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

මීට පෙර ස්පාඤ්ඤය දින 15ක හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළ අතර, මේ සමග ජනතාවට නිවෙස් තුළ රැඳීමට බල කරයි.

Read More

එහි ප්‍රතිඵලය තමන් තවමත් නොදන්නා බවත්, ඒ සඳහා සාමාන්‍යයෙන් දින 1ක් හෝ 2ක් ගතවනු ඇති බවත් ට්‍රම්ප් සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම සළකා බලමින් හෙට (15දා) කැළිණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ බාහිර උපාධි පරික්ෂණය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.

Read More

මෙම මස 7 වන දින ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇති අවුරුදු 56ක කාන්තාවක් හා අවුරුදු 17 ගැහැණු දරවෙක් මෙසේ කොරොනා ආසාදිතයන් ලෙස හඳනාගෙන තිබේ.

Read More

ඉතාලියේ සිට පැමිණි 42 හැවැරිදි පිරිමි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

දිවයිනේ සියලුම කතෝලික දේවස්ථාන වල දේව මෙහෙයන් මාර්තු මස 31 වැනිදා දක්වා අත්හිටුවන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ දන්වා සිටිති.

Read More

කොවිඩ් වෛරසය පැතිර යෑම පාලනය කිරීම සඳහා රජය ගන්නා පියවරවලට සමගාමීව ඔ්‍රී ලංකාවේ සියලුම සිනමා ශාලා නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.