ඉදිරි මැතිවරණයේදි අපි තනිවම තරඟ කරනවා - දේවානන්ද
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ඊල මක්කල් ප්රජාතන්ත්රවාදී පක්ෂය (ඊ පි ඩි පි ) නැගෙනහිර පළාතේ විණාව ලකුණෙන් තනියම තරඟ කරන බවට ධිවර අමාත්‍ය එම පක්ෂයේ මහලේකම්වන ඩග්ලස් දේවානන්ද පැවසිය .
තරඟ කිරීමට නියමිත අපේක්ෂකයින්ගේ නාම ලේඛනය දිනක් හෝ දෙදිනක් තුළ ප්‍රකාශයට පත්කරන බවට හෙතෙම පැවසීය.
මඩකලපුව සංචාරක නිකේතනයක ඊයේ (15) පැවැත්වු මාධ්‍යවේදීන්ගේ හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
අප පක්ෂයේ දේශපාලන ප්‍රතිපත්තින් දේශපාලන ක්‍රියාකාරකම් ව්‍යාප්ත කිරීම සදහා නැගෙනහිර ත්‍රිකුණාමලය මඩකලපුව අම්පාර දිස්ත්‍රික්කවලට සංචාරය කරන බවට ඔහු සඳහන් කළේය.

popular news
-
Dayan Monday, 16 March 2020 12:51 PM
වීනාවෙන් තරග කරලා දිනුවහම පොහොට්ටුවට යනවනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
