saravita-anim2

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 9462 hours ago

LATEST

කටුනායක ගුවන් තොටුපොළ වසයි

calendar_today 2020 මාර් 19 - 06:55 remove_red_eye - 803  

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (19දා) අලුයම 4.00 ට පැමිණීමේ ගුවන් මගීන් සඳහා වසා දැමීමට පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

පුත්තලම, කොච්චිකඩේ, මීගමුව පොලිස් අධිකාරී බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 8.00ට ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

දැනට තම රටවල සංචාර සඳහා පැමිණ, COVID-19 කොරෝනා වෛරස වසංගත තත්ත්වය නිසා පනවා ඇති සංචාරක තහනම හේතුවෙන් ආපසු ශ්‍රී ලංකාවට යාම පිළිබඳ අපහසුතාවයකට මුහුණ දෙන ශ්‍රී ලාංකිකයින් සඳහා සුදුසු පරිදි වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට පහසුකම් ලබා දෙන ලෙස විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා විදේශ රජයන්ගෙන් ඉල්ලා තිබේ.

Read More

කොවිඩ් 19 වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මරණ තුනක් වාර්තා වී ඇති බවට තමන් ප්‍රකාශ කළේ ෆෙස්බුක් සමාජ ජාල ඔස්සේ හුවමාරු වූ තොරතුරුවලට අනුව බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

Read More

කොරෝනා රෝග තත්ත්වයක් රටපුරා පැතිරයන අවදානම් අවස්ථාවේ නිරෝධායනයට නිවාඩු දුන්නා මිස වන්දනාවේ යන්න නිවාඩු නොදුන් බවත් වන්දනාවේ නොගියා කියාල බුදුහාමුදුරුවන් අමනාප නොවන්නේ යැයි අචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසුහ.

Read More

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 රෝගය ව්‍යාපත්වීමත් සමගින් එයින් ආරක්ෂාවිම වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනට ලෝක වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කර ඇති නව කොරෝනා වෛරස තත්ත්වයෙන් අත්මිදීම සඳහා ක්‍රියාකිරීම සමාජ වගකීමක් ලෙස සලකා සිසුන් ගුරුවරුන් ගුරු සිසුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සමස්ත ප්‍රජාව ද දැනුවත් කිරීමට පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය සියලු අධ්‍යාපන බලධාරීන් වෙත දැනුම් දී තිබේ.

Read More

ඇඳිරි නීතියත් සමග ආණමඩුව නගරය දැඩි පාලු ස්වභාවයක් ගෙන ඇති අයුරු දැක ගත හැකි විනි.

Read More

වරකාපොලින් කොවිඩ් 19 රෝගියෙකු හඳුනාගැනීමත් සමග වරකාපොල නරගයේ කඩ සාප්පු හෝටල වසා දමන ලෙස වරකාපොල වෙළඳ සංගමය හා වරකාපොල පොලීසිය ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

Read More

රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය සහ ශ්‍රී විෂ්ණු දේවාලය අද ( 18) දින පස්වරුවේ සිට නැවත දැනුම් දෙන තුරු දෙස් විදෙස් සංචාරකයන්ට වසා තබන තැබීමට තීරණය කර තිබේ.

Read More

ඇමරිකානු ඩොලර් මිලියන 500 ක හදිසි මූල්‍ය පහසුකමක් චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇත

Read More

එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද සිය නතතුරෙන් ඉල්ලා අස් වි තිබේ.

Read More

2020 මහමැතිවරණයේ නාමයෝජනා භාරදීමඅවසන්දිනය වන හෙට (19) දිනයේ තේරීම් භාර නිලධාරී කාර්යාල වෙත පැමිණීමේදී මැතිවරණ කොමිෂන් සභාව ලබාදී ඇති උපදෙස් දැඩිව පිළිපදින ලෙසට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිය අපේක්ෂකයින්ට දැනුම් දෙයි.

Read More

ශ්‍රී ලංකාවේ පැතිරෙන කෝවිඩ් - 19 රෝග තත්ත්වය ඉක්මණින් දුරු වේවා කියා චීන ජාතිකයන් විසින් ශ්‍රී ලංකාවට ජය ප්‍රාර්ථනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබේ.

Read More

දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් යානයක් නවදිල්ලිය වෙත පිටත් කර යැවීමට සැලසුම් කර තිබේ.

Read More

පී.එස්.එල් තරඟාවලියේ තීරකවරයෙක් ලෙස කටයුතු කල රොෂාන් මහානාම සිය නිවස තුල නිරෝධායනයේ යෙදෙන බව වාර්තා වේ.

Read More

ලොකු ලුණු අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත විමේ අවදානමක් පැවතිම හේතුවෙන් පොලිස් මුලස්ථානයේදි පවත්වනු ලබන මහජන සහන දිනය හා පොලිස් නිලධාරින් වෙනුවෙන් පවත්වන සහන දිනය සති දෙකක කාලයක් සඳහා නොපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

කොරෝනා වෛරසයට රටක් ලෙස මුහුණ දෙන ආකාරයට ගැන ජනාධිපතිවරයාගෙන් සාධණීය පිළිතුරක් ජනතාව අපේක්ෂාවෙන් සිටියත්, ජනාධිපතිවරයා ජාතිය අමතමින් බලය ලබාගැනීම ගැන පමණක් අවධානය යොමු කරමින් දේශපාලන කතාවක් සිදුකළ බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

Read More

දැඩි සීමා යටතේ පෞද්ගලික රෝහල් වලට පී.සී.ආර් පරීක්ෂණය කිරීමට අවසර දීමට රජය තීරණය කර තිබේ.

Read More

බණ්ඩාරනායක ගුවන් තොටුපළේ වහාම ක්‍රියාත්මක වන පරිදි අද දිනයේ සිට ගුවන්තොටුපළේ විශේෂ කවුළුවක් තුළින් ගුවන්තොටුපළේ පිටව යන පුද්ගලයින් විශේෂ උණ පරික්ෂාවකට ලක් කිරිමට පියවර ගන්නා බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කලේය.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් මහජනතාව තුල අනියත බියක් සහ කැලඹීමක් ඇතිවන ආකාරයට, හිටපු පාර්ලලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ සරත් ෆොන්සේකා මහතා විසින් මාධ්‍යයට සිදු කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

Read More

ෂී පැවසුවේ චීන රජය සහ ජනතාව මෙම රෝගය පිළිබඳ අවසන් සහ පූර්ණ ජයග්‍රහණය සඳහා වෙහෙස මහන්සි වී සිටින බවයි.

Read More

රාත්‍රී සමාජ ශාලා සහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන තාවකාලික වසා දමන ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

පුත්තලම ප්‍රදේශයට පනවා ඇති ඇඳිරි නීතියට ගරු නොකරමින් ක්‍රියා තරන සියලු පිරිස් වෙත නිරෝධායන නීතිය යටතේ දැඩි දඩුවම් ලබා දෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

රජය නිවාඩු ලබා දුන්නේ චාරිකා සහ විනෝද ගමන් යෑමට නොවන බවත් චාරිකා සහ විනෝද ගමන් තහනම් කිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධිතයන් ගණන 50 දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

Read More

මේ රටේ කෙරෝනා වෛරසයේ පැතිරිම වැඩි වශයෙන් අපි දකින්නේ මේ රටේ සිටින අයට වඩා මේ රෝගය පැතිරි සිටින රටවලින් සිට පැමිණි පිරිස මේ රෝගයට ගොදුරු වි ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

Read More

මහජනතාවට රැස්නොවෙන ලෙස රජය විසින් දැනුම් දීමක් සිදු කර තිබිය දී ඇතැම් පිරිස් ක්‍රීඩා පිටිවලට එකතු වී ක්‍රිකට් සෙල්ලම් කරන බවට දැන ගන්න ලැබී ඇති බවත් එය නොසුදුසු තත්ත්වයක් යුද හමුදාපති ලුතිනන් ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අපේ රටේ මෙන්ම ලෝකයේ ජනතාව කොරොනා වලින් පරිස්සම්වනවා මෙන් තමා ද මේ අවස්ථාවේ දේශපාලන පෙර පිටියෙන් අඩියක් පසු පසට ගෙන අවශ්‍ය අවස්ථාවේ දී ඩෑෂ් පහරක් සමඟින් නැවත දේශපාලනයට පැමිණෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.