වන්දනාවේ නොගියා කියලා බුදු හාමුදුරුවෝ තරහ වෙන්නේ නෑ
කොරෝනා රෝග තත්ත්වයක් රටපුරා පැතිරයන අවදානම් අවස්ථාවේ නිරෝධායනයට නිවාඩු දුන්නා මිස වන්දනාවේ යන්න නිවාඩු නොදුන් බවත් වන්දනාවේ නොගියා කියාල බුදුහාමුදුරුවන් අමනාප නොවන්නේ යැයි අචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසුහ.
අද (18) දා ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූහ.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමියෝ ,
"කොරෝනා රෝග තත්ත්වය පැතිරයාම වැළැක්වීමේ අරමුණින් රජය නිවාඩු තතත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ මිනිස්සු ඒකරාශීවීම නැවැත්වීම සඳහායි. එසේ නැතිව විනෝද, වන්දනා, අධ්‍යාපන ගමන් යන්නවත්, සාද පවත්වන්නවත් නෙවෙයි.
වන්දනාවේ නොගියා කියලා බුදුහාමුදුරුවෝ අමනාප වෙන්නේ නෑ. මේ වෙලාවේ බුද්ධියෙන් කටයුතු කරන්න. සමහර තැන් වලට මේ අවුරුද්දේ වන්දනා කරන්න යන්න බැරි වුණොත් ලබන සැරේ ගිය හැකියි. විශේෂයෙන් ජනතාවගේ රටේ ආරක්ෂාව ගැන හිතන්න. තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න. මේ තීරණාත්මක මොහොතේ ශ්‍රද්ධාව ගැන නොව බුද්ධිය ගැන හිතන්න කියලා අවවාද අනුශාසනා කරන්න වෙනවා.
සෑම වන්දනා ස්ථානයකම සෙනග විශාල ලෙස එක් රැස් වෙනවා. ඒ වගේ තැනක කොරෝනා පැතිරයාමේ අවදානම වැඩියි. ඒ නිසා වන්දනාවට මූලිකත්වය දෙන්න එපා. රටේත් ජනතාවගේත් ආරක්ෂාවට මූලිකත්වය දෙන්න.
අපි දෙවියන්ට බුදුන්ට ගරු කළ යුතුයි. නමුත් මේ වෙලාවේ අපි වඩාත් ගරු කළ යුත්තේ වෛද්‍ය උපදේශයටයි. මේ නිවාඩුවේ වන්දනා විනෝද ගමන් නොගිහිං ස්වයං නිරෝධායනයට ලක්වෙමින් ගත කරන්න කියලා සංඝයා වහන්සේලා වෙනුවෙන් ඉල්ලා සිටිනවා.
කොරෝනා රෝග තත්ත්වය පිළිබඳව අපි රජය දෙන තොරතුරු තමයි විශ්වාස කරන්නේ. සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචාරය කරන අසත්‍ය දේ අපි විශ්වාස කරන්නේ නෑ. අපි විශ්වාස කරනවා රජය අපට දෙන්නේ ඇත්ත තොරතුරු කියලා" යැයි සෝභිත හිමියෝ වැඩිදුරටත් පැවසුහ.

popular news
-
Kumar Thursday, 19 March 2020 07:37 AM
ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ කතාවේ කොටසක් ඇත්ත අනෙක් කොටස සත්‍යයෙන් තොරයි. වන්දනාවේ නොගියාට වරදක් නැතිබව නම් ඇත්ත. අනෙක බුදුන්වහන්සේ නිවනට ගියපසු කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ නේද. දැනට ඉතිරිව ඇත්තේ උන්වහන්සේ දේශනාකල ධර්මය පමණක් නේද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
