saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8855 hours ago

LATEST

ජනපති ප්‍රමුඛ සාර්ක් රාජ්‍ය නායකයින් එක්වන විඩියෝ සාකච්ජාව ඇරඹෙයි

calendar_today 2020 මාර් 15 - 18:18 remove_red_eye - 329  

මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සාර්ක් කලාපීය රටවල සෙසු නායකයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සිටියි.

රටේ මිනිසුන් විශාල බයකින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිටින විට රාජ්‍ය ආයතන පවා ඒ සම්බන්ධයෙන් තීරණ අරගෙන නිවාඩු පවා ලබාදී ඇති මොහොතක ආදිවාසී ගම්මානයේ කෞතුකාගාරය වසා දමන්න තීරණය කළ බව ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් සඳහන් කළේය.

Read More

රියදුරු බලපත්‍රය ලබා ගැනිමේදි සිදු කරන රියදුරු ප්‍රායෝගික පරික්ෂණය හෙට (16) දින සිදු කිරිම අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සඳහන් කරයි.

Read More

ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල නායකයන් එක්වෙති.

Read More

කොරෝනා වෛරසය වසංගත තත්ත්වය පිළිබඳව යම් විමසිමක් හෝ දැනුම් දිමක් සිදුකිරිමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා 117 දුරකථන අංකයට ඇමතුමක් ලබා දිමේ අවස්ථාවක් ලබා දි තිබේ.

Read More

නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය රටපුරා පැතිරි යා වැළැක්විම අරමුණු කරගෙන හෙට (16) දිනයේදි ප්‍රකාශයට පත් කරන ලද රජයේ නිවාඩු දිනය පෞද්ගලික අංශයටද ලබා දෙන ලෙස ඉල්ලිමක් කර තිබේ.

Read More

හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි බ්‍රිතාන්‍යය, බෙල්ජියම සහ නොර්වේ රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව බලා පැමිණෙන ගුවන් යානා පැමිණීම සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ. ‍

Read More

කොවිඩ් 19 ශ්‍රී ලංකාවේ පැතිරීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර ප්‍රසිද්ධ කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලිපියක් යොමුකර තිබේ.

Read More

අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියෙකුට කොරෝනා රෝගය වැළදි ඇතැයි සැකයට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එම රෝගයට බියෙන් බන්ධනාගාර නිලධාරින් විශාල පිරිසක් සේවයට වාර්තා නොකිරිමෙන් බන්ධනාගාරයේ රාජකාරි කටයුතු වලට බාධා එල්ලවු බව එහි උසස් නිලධාරියෙකු අද (15) දින පැවසිය.

Read More

මාර්තු 16 රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් එදින නාම යෝජනා භාර නොගන්නා බවත් තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීම මාර්තු 17 දා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා භාර ගැනීමට කටයුතු කරන බවත් මැතිවණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

රටේ පවතින කෙරෝනා වෛරස ව්‍යාප්තියත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමීමට කටයුතු කළ බව සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කරයි.

Read More

මින්නේරිය ගිරිතලේ රක්ෂිතය තුළ මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වැටලිමට අද (15) අලුයම පොළොන්නරුව මුලස්ථාන පොලීසියේ පොලිස් කණ්ඩායමක් ගිය අවස්ථාවේ ගිනි අවියක් ක්‍රියාත්මක විමෙන් සැකකරුවන් දෙදෙනෙකුට වෙඩි වැදි පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව මින්නේරිය පොලීසිය පවසයි.

Read More

මඩකලපුව ශික්ෂණ රෝහලේ ඉදිරිපිට සිකුරාදා (13) මධ්‍යහන උද්ඝෝෂණයේ යෙදුණු සැකපිට අත් අඩංගුවටපත් තරුණයින් 9 දෙනා මඩකලපුව දිසා විනිසුරු විනෝබා ඉන්ද්‍රන් මහතා විසින් ඇපමත නිදහස් කරන ලදි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු දේශපාලන ජනහමු, බල මණ්ඩල රැස්වීම් ඉදිරි සති දෙකක කාලය තුළ අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දේශපාලන බලධාරීන්ට දැනුම් දි තිබේ.

Read More

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිළිබඳ පැතිර යන පදනම් විරහිත ප්‍රවෘත්ති පිළිබඳ විදේශ අමාත්‍යාංශය කරුණු දක්වයි.

Read More

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළදුණු පළමු ශ්‍රී ලාංකික සංචාරක මඟපෙන්වන්නාගේ පුත්‍රයාට කොරෝනා වැළදි නොමැති බවට අයි.ඩි.එච් රෝහලේ ආරංචි මාර්ග තහවුරු කරයි.

Read More

කොරෝනා වයිරස් නිරෝධායන මධ්‍යස්ථානයක් වවුනියාවේ යුද හමුදා කඳවුරක පිහිටුවා එයට සැකකටයුතු පිරිස් රැගෙන ඒමෙන් උතුරේ ජනතාවටද දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පෑමට සිදුව ඇති හෙයින් වවුනියාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය ගත් තීරණය දැඩි ලෙස හෙළාදකින බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පවසති.

Read More

වන්දනාගමන්, විනෝද චාරිකා සති දෙකක කාලයක් සඳහා අත්හිටුවන ලෙස බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

දිවයිනේ සෑම දුම්රිය ස්ථානයකම මෙන්ම ලංගම හා පෞද්ගලික සියලු බස් රථ නැවතුම්පොළවල මගී ජනතාවට දෑත් සෝදා ගැනීමේ පහසුකම් පුලුල් කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.

Read More

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයන්ට දින 14 ක ස්වයං හුදකලාවක නිරත වන ලෙස ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබේ.

Read More

ටිනර් කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් නුසුදුසු මෙති ඇල් කොහොල් ලීටර් හතළිස් දහසක් නීති විරෝධී ලෙස ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මහ නුවර සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (14 ) අත් අඩංගුවට ගෙන තිබේ

Read More

කල්පිටිය සංචාරක කලාපයේ ඩොල්ෆින් නැරඹුම් සති දෙකක කාලයක් සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි, කල්පිටිය වනජීවී අඩවි ආරක්ෂක මංජුල මොරතැන්න මහතා පවසයි.

Read More

විශිෂ්ඨ පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ පිහිටි ඔහුගේ හෝටල් දාමය කොවිඩ් 19 පෙළෙන්නන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලබා දී ඇත.

Read More

ඊයේ දිනයේදී චීනයේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20කි.

Read More

මත්කුඩු ජාවාරම මැඩලිම සදහා ගාල්ල ධිවර වරායට පැමිණෙන ධිවර බොට්ටු පරික්ෂා කිරිමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භකොට ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.

Read More

උකුස්සන් හා කටුස්සන් පොහොට්ටුවට එක්වෙමින් සිටින බවත් ඉදිරි මහා මැතිවරණයේ දී උකුස්සන් හා කටුස්සන් පාර්ලිමේන්තුවට යැවීමෙන් වළකින ලෙසත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලයි.

Read More

පොළොන්නරුව කන්දකාඩු, මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය, දියතලාව සහ කහගොල්ල යන ස්ථාන වල මෙම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වෛරසය පැතිරිම වැළැක්වීම, පාලනය සහ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ, ආරක්ෂිත මෙවලම් සහ වෛද්‍ය උපකරණ තොග ප්‍රමාණයන් හිඟයකින් තොරව තබාගැනීමේ වැඩපිළිවෙල සොයා බැලිම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විය.

Read More

කොරෝනා රෝග අවධානමත් සමග ගතවු සතිඅන්තය තුළ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ පැමිණිම සැලකිය යුතු ලෙස අඩු වි ඇත.

Read More

2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සැලසුම්කළ පරිදි ජූලි මාසයේදී පවත්වන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.