මැතිවරණ කොමිෂමෙන් හූල් ඉවත්විය යුතුයි
මැතිවරණ කොමිෂමේ සාමාජික රත්නජීවන් හූල් මහතා එක්සත් ජාතික පක්ෂයට සමීපව කටයුතු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
හූල් මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය ලබා නොදෙන ලෙස ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයෙන් මැතිවරණ කොමිසම පිළිබද විශ්වාසය තවදුරටත් කඩ වන බවයි.
නාරාහේන්පිට දාබරේ මාවතේ ප්‍රජාශාලාවේ ඊයේ (06) පැවති “ ගම දැනුවත් කරමු - අපි යළිත් නැගිටිමු” රැස්වීම් මාලාවේ පළමුවැන්නාට සහාභාගීවීමෙන් පසු මාධ්‍යවේදීන් මතුකළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.
“ මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස රත්නජීවන් හූල් පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා යැයි ප්‍රසිද්ධියේ කියන්න කිසිදු අයිතියක් නෑ. කොටින්ගේ සැගවුණු මහ මොළය ලෙස සමහරු හදුන්වන රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමට පත් කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයායි.
මෙවැනි පුද්ගලයෙකු ස්වාධින මැතිවරණ කොමිසමට පත් කළේ මොකට ද? කාගේ වුවමනාවටදැ‘යි දැන් පැහැදිලියි. එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව මිස වෙන කිසිවක් නෙමෙයි. යහපාලන ආණ්ඩුව පත් කරපු ස්වාධීන කොමිසම නමට විතරක් ස්වාධින බව හූල්ගේ මේ ප්‍රකාශයෙන් ම තහවුරු වෙනවා. ඒකයි අපි කියන්නේ මේ වගේ කොටි අය ඉන්න මැතිවරණ කොමිසමෙන් අපි ස්වාධීනත්වය බලාපොරොත්තුවෙන එක හරියට ඉබ්බන්ගෙන් පිහාටු හොයනවා වගේ වැඩක්.
හූල් වැනි කොටි පිල්ලිවල ග්‍රහණයට ලක්වෙලා තියෙන මැතිවරණ කොමිසම වැනි ස්වාධීන කොමිෂන් සභා කොහොමද අපි ඇත්තටම ස්වාධීන කරන්නේ කියලා යළි සලකා බලන්න වෙනවා. ඉදිරි මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගෙන මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත යුතුයි.
හූල් වහා ම තමන් දරණ කොමිසමේ සාමාජික තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි. ඉල්ලා අස්වෙලා ඔහුට පුළුවන් තමන් කැමති එජාපයට කඩේ යන්න. කොමිසමේ සාමාජිකත්වයේ ඉදගෙන එක්සත් ජාතික පක්ෂයට කඩේ යන්න ඉඩ දෙන්න බෑ. “
popular news
-
rocky Sunday, 07 June 2020 11:37 AM
කොහෙත්ම නැහැ. ඔබ තුමාලාට උවමනා විදිහට වැඩ කරන එහෙයියෙක් එතනට දා ගන්න බලාපොරොත්තු ඇති නේද? ඔය මහත්තයලව අපි අඳුනනවනේ. කට්ටියම එකතුවෙලා හුල්ට එක දිගටම බොරුවට මඩ ගහන්නේ .. ඕකත් දේශපාලන සංදර්ශනයක්නේ! හුල් කියන්නේ දේශපාලන තක්කඩියෙක් නොවෙයි, ගරු මහාචාර්යවරයෙක්!!
Reply : 0 0
rocky Sunday, 07 June 2020 08:48 PM
ඒ ඇයි?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

